
(එච්.එම්.ධර්මපාල)
විදේශගත මහාපරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු දුරකථන මගින් මෙහෙයවන ජාවාරමකට සම්බන්ධ පුද්ගලයකු රුපියල් කෝටි දෙක හමාරකට අධික වටිනා අයිස් කිලෝ එකක් , හෙරොයින් ග්‍රෑම් 106 ක් හා අලෙවියෙන් උපයාගත් මුදල් රුපියල් 197,000 ක් සමඟ ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය මගින් අත්අඩංගුවට ගෙන ඇතැයි පොලීසිය කියයි .
අත්අඩංගුවට ගත් සැකකරු සන්තකයේ තිබී මත්ද්‍රව්‍ය කිරීමට යොදාගත් ඉලෙක්ට්‍රෝනික තරාදියක්ද, ජාවාරමට යොදාගත් වටිනා ජංගම දුරකථන දෙකක්, මත්ද්‍රව්‍ය සඟවා තිබූ හම්බෑගයක් ඇතුළු දේපල පොලිසිය බාරයට ගෙන ඇත.
සැකකරු ගල්කිස්ස, හේනපාර පදිංචිව සිටින වයස අවුරදු (48) ක් වන අතර විදේශගත " අයිඩී " නැමැති ජාවාරම්කරුගේ දුරකථන ඇමතුම් අනුව ලැබෙන මත්ද්‍රව්‍ය නිවසේ සිට පැකට්කර ගල්කිස්ස, පිළියන්දල, මොරටුව, බොරලැස්ගමුව, පානදුර, දෙහිවල යන ප්‍රදේශවලට දීර්ඝකාලීනව බෙදාහැර ඇති බවට අනාවරණය වී ඇතැයිද පොලීසිය පැවසීය.
මහා පරිමාණ ජාවාරම්කරුවන් පිළිබඳව තොරතුරු හෙලිවීමත් සමග සැකකරු අද (21) වන දින ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයෙන් ලබාගත් රැඳවුම් නියෝග මත රඳවාගෙන ප්‍රශ්න කරගන යන බවත් පොලීසිය පැවසීය.
2025 දෙසැම්බර් මස 18
600
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
294
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1094
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
කෝටි දෙකක හෙරොයින් සමඟ අයෙක් අත්අඩංගුවට