IMG-LOGO

කෝටි දෙකක බීඩිකොළ කරතිව් කළපුවෙන් අල්ලයි

( හිරාන් ප්‍රියංකර ජයසිංහ)

වනාතවිල්ලුව කරතිව් කළපු තිරයෙදි ධීවර යාත්‍රාවකින් ප්‍රවාහනය කරමින් තිබු රුපියල් කෝටි දෙකකට ආසන්න වටිනාකමකින් යුත් බිඩි කොළ තොගයක් 2 දින අලුයම විජය නාවික හමුදා කදවුරු නිළධාරින් විසින් අත් අඩංගුවට ගත් බව කියයි.

අදාල බිඩි කොළ තොගයෙ පාර්සල් 65 ක අසුරා තිබු කිලෝ 1947 ක තොගය සමග වනාතවිල්ලුව කරතිව් ප්‍රදේශයෙ පදිංචි 50 හැවිරිදි සැකකරුවෙකු සමග ධීවර යාත්‍රාවක් නාවික හමුදාව අත් අඩංගුවට ගෙන තිබුණි.

ඉන්දියාවේ සිට නීති විරෝධී අයුරින් මුහුදු මාර්ගයෙන් රැගෙන විත් කරතිව් ගොඩබිම ආසන්නයට රැගෙන ඒමට කටයුතු කරමින් තිබියදී මෙම බිඩි කොළ තොගය නාවික හමුදා භාරයට ගෙන තිබුණි.

මුහුදු මාර්ගයෙන් සිදුවන ජාවාරම් වැඩලිමේ නාවික හමුදා දිවයින වටා මුහුදු තිරය ආවරණය වන අයුරින්  නිරන්තර මුහුදු මුර සංචාර මෙහෙයුම් වලට සමගාමිව මෙම වැටලිම සිදුකර තිබුණි.

අත් අඩංගුවට ගත් බිඩි කොළ තොගය ශ්‍රී ලංකා රේගුවට භාර දීමට නියමිතව තිබු අතර සැකකරු කල්පිටිය පොලිසියට ඉදිරි පරික්ෂණ සදහා භාර දීමට නියමිතව තිබුනී.



අදහස් (0)

කෝටි දෙකක බීඩිකොළ කරතිව් කළපුවෙන් අල්ලයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 622 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 760 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 322 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site