IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


කොට උඩ ගිය වැඩ කඩිනම් කරන්න පාර්ලිමේන්තුවට යෝජනාවක්

(අංජුල මහික වීරරත්න)

අතරමග නතර වී ඇති ග්‍රාමීය සංවර්ධන කාර්යයන් කඩිනමින් අවසන් කිරීම සඳහා පාර්ලිමේන්තුවට යෝජනාවක් ඉදිරිපත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.

කඩිනමින් සංවර්ධනය විය යුතු යැයි හඳුනාගත් ක්ෂෙත්‍ර සඳහා 2024 අයවැය මගින් යෝජනා පනහක් යටතේ රුපියල් බිලියන 212.59ක ප්‍රතිපාදන අමාත්‍යංශ කිහිපයක් වෙත වෙන් කරනු ලැබ ඇතැයි රජය කියයි.

එම යෝජනා අතුරින් දහතුනකට අදාළ ව්‍යාපෘති ජනාධිපති කාර්යාලය යටතේ ක්‍රියාත්මක කරනු ලබයි.

පසුගිය වසර කිහිපයේ පැවති ආර්ථික ගැටලු හේතුවෙන් සහ විදේශ ආධාර මත ආරම්භ කරනු ලැබ ඇති ඇතැම් සංවර්ධන වැඩසටහන් ණය ප්‍රතිව්‍යුහගතකරණ වැඩ සටහන අවසන් වන තෙක් අත්හිටුවීමට සිදුව ඇති බැවින් ග්‍රාමීය මට්ටමින් සිදුකිරීමට සැලසුම් කර තිබූ සංවර්ධන වැඩසටහන්වල ප්‍රතිලාභ ග්‍රාමීය ජනතාවට අහිමි වී ඇතැයි රජය පවසයි.

ග්‍රාමීය මාර්ග, පාලම්,ග්‍රාමීය ව්‍යවසාය  සංවර්ධන වැඩසටහන් මෙන්ම ග්‍රාමීය පාසල් රෝහල් අඩු ආදායම් නිවාස,ජල සම්පාදන වැනි සංවර්ධන ව්‍යාපෘති කඩිනමින් අවසන් කර දෙන ලෙස විවිධ පාර්ශව වෙතින් ඉල්ලීම් ඉදිරිපත් කර ඇතැයි ද රජය කියයි.

ඊට පිළියමක් වශයෙන් ජනාධිපති කාර්යාලය යටතේ ප්‍රතිපාදන වෙන් කරනු ලැබ ඇති වැඩසටහන් වලින් අපේක්ෂිත ඉතුරුම් අරමුදල් ග්‍රාමීය මට්ටමින් ක්‍රියාත්මක වන අත්‍යවශ්‍ය සංවර්ධන අරමුදල් හා අතරමග නවතා දමා ඇති ග්‍රාමීය සංවර්ධන කාර්යයන් නිම කිරීම සඳහා යොදා ගැනීම පිණිස පාර්ලිමේන්තුවට යෝජනාවක් ඉදිරිපත් කිරීම සඳහා ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර ඇත.



අදහස් (0)

කොට උඩ ගිය වැඩ කඩිනම් කරන්න පාර්ලිමේන්තුවට යෝජනාවක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 482 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 253 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1049 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site