කොළඹ කොටස් වෙළෙඳපොළේ සභාපති ධුරයට දුමිත් ප්‍රානන්දු මහතා පත් කර ඇත.
රේ අබේවර්ධන මහතාගේ තුන් අවුරුදු ධුර කාලය අවසන් වීමත් සමඟ පුරප්පාඩු වන සභාපති ධුරය සඳහා දුමිත් ප්‍රනාන්දු මහතා පත් කර ඇති අතර ලබන මස 1 වැනිදා සිට බල පැවැත්වෙන පරිදි එම පත් කිරීම සිදු කර ඇත.
දුමිත් ප්‍රනාන්දු මහතා 2017 වසරේ සිට කොළඹ කොටස් හුවමාරුවේ අධ්‍යක්ෂ මණ්ඩලයේ සාමාජිකයෙක් ලෙස ද කටයුතු කරයි.
ආයෝජන බැංකු සමාගමක් වන ඒෂියා සෙකි්‍යුරිටීස් හෝල්ඩින්ග්හි සභාපතිවරයා වන දුමිත් ප්‍රනාන්දු මහතා යුනියන් ඇෂුවරන්ස්, සිංගර් ශ්‍රී ලංකා යන සමාගම්වල ස්වාධීන අධ්‍යක්ෂවරයකු ලෙසත් ලංකා වාණිජ මණ්ඩලයේ ආර්ථික ප්‍රතිපත්ති හැසිරවීමේ කමිටුවේ සාමාජිකයෙක් ලෙසත් කටයුතු කරයි.
වසර 25කට අධික කාලයක් ජාතික හා ජාත්‍යන්තර ප්‍රාග්ධන වෙළෙඳපොළ අත්දැකීම් ඇති ප්‍රනාන්දු මහතා සිය වෘත්තීය ජීවිතය තුළදී නිව්යෝර්ක් හා හොංකොං හි ජේ.පී. මෝගන් චේස් සහ ක්‍රෙඩිට් සුයිස් යන ගෝලීය මූල්‍ය ආයතනවල විවිධ තනතුරු හොබවා ඇත.
හෙතෙම ක්‍රෙඩිට් සුයිස් මූල්‍ය සමාගමේ ආසියා ශාන්තිකර ශාඛාවේ කළමනාකාර අධ්‍යක්ෂ හා ප්‍රධාන මෙහෙයුම් නිලධාරී ලෙසත් එම සමාගමේ ගෝලීය නායකත්ව කවුන්සිලයේ සාමාජිකයකු ලෙසත් කටයුතු කර ඇත.
ඇමෙරිකා එක්සත් ජනපදයේ මිඩ්ල්බරී කොලේජියෙන් සිය ප්‍රථම උපාධිය ලෙස ගෞරව සහිත ශාස්ත්‍රවේදී උපාධියක් ලබාගත් ප්‍රනාන්දු මහතා ‘හාවඩ් බිස්නට් ස්කූල්’ විශ්ව විද්‍යාලයෙන් ව්‍යාපාර පරිපාලනවේදී (එම්.බී.ඒ) උපාධිය හිමි කරගෙන ඇත.
055
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
කොටස් වෙළෙඳපොළේ සභාපති ධුරයට දුමිත් ප්‍රනාන්දු