IMG-LOGO

2025 නොවැම්බර් මස 17 වන සඳුදා


කොටස් වෙළෙඳපොළ පහළට

(හර්ෂණ තුෂාර සිල්වා)

මේ සතියේ දෙවැනි දිනටත් කොළඹ කොටස් වෙළෙඳපොළ කටයුතු අද (12) සියයට 5 කින් පහළ යෑම හේතුවෙන් වෙළෙඳ කටයුතු මිනිත්තු 30 කට අත්හිටුවීය.

ඒ අනුව අද පෙරවරු 11.45 සිට දහවල් 12.15 වනතුරු කොළඹ කොටස් වෙළෙඳපොළේ කටයුතු තාවකාලිකව නවතා දැමිණි. කොළඹ කොටස් වෙළෙඳපොළ කටයුතු ආරම්භ කළ විගස එස්ඇන්ඩ්පී’ ශ්‍රී ලංකා මිල දර්ශකය සියයට 5කින් පහළ යෑම හේතුවෙන් ඉකුත් දා (10) කොටස් වෙළෙඳපොළ කටයුතු පැය භාගයකට අත්හිටුවීය.

ඊයේ යම් ප්‍රගතියක් පෙන්නුම් කළ ද කොළඹ කොටස් වෙළෙඳ පොළ අද (12) නැවත වරක් පහළ ගියේය.

ඊයේ දිනයේ ගනුදෙනු අවසන් වනවිට කොළඹ කොටස් වෙළෙඳපොළේ සියලු කොටස් මිල දර්ශකය සියයට 3.55කින් ද ‘එස්ඇන්ඩ්පී’ ශ්‍රී ලංකා 20 මිල දර්ශකය සියයට 4.66කින් ද පහළ ගියේය.

ඒ අනුව දිනය අවසානයේදී සියලු කොටස් මිල දර්ශකය ඒකක 5,019.55ක් ලෙස දැක්වුණු අතර ‘එස්ඇන්ඩ්පී’ ශ්‍රී ලංකා 20 මිල දර්ශකය 4.66ක් ලෙස දැක්විණි.

කොළඹ කොටස් වෙළෙඳපොළේ ප්‍රාග්ධනීකරණය අද රුපියල් බිලියන 2,333ක් ලෙස දැක්වුණු අතර ඊයේ එය රුපියල් බිලියන 2,419ක් ලෙස දැක්විණි.

අද වාර්තා වූ ගනුදෙනු පිරිවැටුම රුපියල් මිලියන 514.43ක් වූ අතර විදේශීය ආයෝජකයන්ගේ දායකත්වය ද පහළ මට්ටමක පැවැතුණි. කොළඹ කොටස් වෙළෙඳපොළේ අද විදේශීය මිලදී ගැනීම් රුපියල් මිලියන 23.62ක් ලෙස දැක්වුණු අතර විදේශීය විකුණුම් රුපියල් මිලියන 29.84ක් ලෙස දැක්විණි.

ලොව පුරා පැතිර යමින් තිබෙන කොරෝනා වයිරසයේ බලපෑම මෙන්ම ඒ හේතුවෙන් ගෝලීය මූල්‍ය වෙළෙඳපොළවලට සිදුව තිබෙන බලපෑම කොළඹ කොටස් වෙළෙඳපොළේ පහළ යෑමට ප්‍රධාන වශයෙන් හේතු වී ඇතැයි ආර්ථික විශේෂඥයෝ පවසති.

ශ්‍රී ලංකා මහ බැංකුව දෛනිකව නිකුත් කරන දත්තවලට අනුව බ්‍රෙන්ට් වෙළෙඳපොළේ බොරතෙල් බැරලයක මිල ඇමෙරිකානු ඩොලර් 33.82ක් ලෙස සටහන්ව තිබූ අතර ‘ඔපෙක්’ (තෙල් අපනයන කරන රටවල සංවිධානය) වෙළෙඳපොළේ තෙල් බැරලයක මිල ඇමෙරිකානු ඩොලර් 35.54ක් ලෙස සටහන්ව තිබිණි.

ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාතිකවලට අනුව ඇමෙරිකානු ඩොලරයකට ගෙවන රුපියල් ප්‍රමාණය 184.35ක් දක්වා ඉහළ ගියේය.

 



අදහස් (1)

කොටස් වෙළෙඳපොළ පහළට

rasika Thursday, 12 March 2020 07:56 PM

ඉතාලිය, චීනය , යුරෝපය, ජපානය , ඇතුළු බොහෝ රටවල කොටස් වෙළදපොල පහල වැටිලා තියෙන්නේ. කොරෝන වෛරස් එක නිසා ලෝකයේ ප්‍රධාන ව්‍යාපාර කඩාවැටිලා. ලංකාවේ ඇගලුම් නිෂ්පාදන යවන්නේ ප්‍රදාන වශයෙන් උතුරු ඇමෙරිකාවට , කොරෝන වෛරස් එක නිසා මෙහෙ මිනිස්සු කඩවල් වලට ගිහින් බඩු ගන්න එක අඩුවෙලා.

:       16       199

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 851 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2490 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1790 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site