(ෂේන් සෙනෙවිරත්න)
මහනුවර ඇසළ පෙරහර පවත්වනු ලබන කාලය තුළ භාවිත කරන විදුලිය සඳහා වැය වෙතැයි ඇස්තමේන්තු කර ඇති රුපියල් එක් කෝටි තිස් දෙලක්ෂයක මුදල සම්බන්ධයෙන් විදුලිබල මණ්ඩලය සමඟ සාකච්ඡා කර ඉන් යම් කොටසක් පමණක් ගෙවීමට පියවර ගන්නා බව ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා පැවැසීය.
එම ඇස්තමේන්තු මුදල සම්බන්ධයෙන් දිස්ත්‍රික් ලේකම්, පෙරහර භාරය, පොලිසිය, ලංකා ගමනාගමන මණ්ඩලය සහ ප්‍රවාහන අධිකාරිය සමග එකට එකතු වී සාකච්ඡා කර එකඟතාවකට පැමිණීමෙන් පසු ඒ සම්බන්ධයෙන් විදුලිබල මණ්ඩලය සමඟ සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බව ඔහු කීවේය.
මහනුවර ඇසළ පෙරහර වීදි සංචාරය කරන කාලය තුළ දළදා මාලිගාව සහ සතර මහා දේවාල පරිශ්‍රවලට විදුලි ආලෝකය සැපයීම වෙනුවෙන් විදුලිබල මණ්ඩලය සෑම වසරකම ඇස්තමේන්තුවක් එවන බව කී දියවඩන නිලමේවරයා ගිය වසරේදී එය රුපියල් ලක්ෂ 90 ක ඇස්තමේන්තුවක් වූ බවද පැවසීය.
එම ඇස්තමේන්තු මුදල විදුලිබල මණ්ඩලය මගින් දැරුවත් විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩසටහන යටතේ මෙවර ඇස්තමේන්තු මුදලින් යම් කොටසක් ශ්‍රී දළදා මාලිගාව සහ සතර මහා දේවාල මගින් දැරිය යුතු බවට යෝජනා වී ඇති බව ඔහු සඳහන් කළේය.
විදුලි බල මණ්ඩලය මගින් ඉදිරිපත් කර ඇති රුපියල් එක් කෝටි තිස් දෙලක්ෂයක ඇස්තමේන්තුගත මුදල සම්බන්ධයෙන් සාකච්ඡා කර විසඳා ගැනීමට හැකියාව තිබියදී ඇතැමුන් ජනමාධ්‍ය මඟින් ප්‍රශ්නයට විසඳුම් සොයන්නට උත්සාහ කිරීම අනුමත කළ නොහැකි බවද ඔහු කීවේය.
2025 දෙසැම්බර් මස 18
484
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
256
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1050
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
‘‘කොටසක් ගෙවා පෙරහරට විදුලිය ගන්නවා‘‘
Nimesh Tuesday, 18 July 2023 08:06 AM
අයි කොටසක් විතරක් ගෙවන්නේ ? මාලිගාවට දිනපතා ලැබෙන විශාල අදායම් .ආදාර මුදල් කොහෙද යන්නේ ?
pakeer Tuesday, 18 July 2023 08:12 AM
හුගක් දේවල් වලට තුලෙන් උත්ත්‍රයක් නති විට තමය් ජනමාධ්‍යන් එව එලියට එන්නෙ...ජනමාධ්‍යන් එලියට අවම..මොනව හරි කරන්න වෙනව. එ නිසා එය තිබිය යුතුයි. අනිත් එක මෙව මිනිස්සු දැන ගන්න ඔනෙ. එතකොට අපි දන්නව..මෙවටත්...ජනතාව තමයි කර ගහන්නෙ කියල.
SAM Tuesday, 18 July 2023 08:41 AM
නිර්මල බුදුදහම නිර්මලව ආරක්ෂා කොට පවත්වාගෙන යායුතුව තිබේ. එම නිසා නිර්මල බුදුදහම මෙන්ම දහම ඒ ආකාරයෙන්ම පිළිපැදිය යුතුවේ. එයට අනුගතව කට යුතු කලයුතුවේ. එමෙන්ම පන්සල්වල / විහාරස්ටාන්වල වැඩවාසය කරනාවූ බික්ෂු බික්ෂුනි සියල්ලෝම නිර්මල බුදු දහම ආරක්ෂා කරමින් ඒ අනුව විනිවිදව කටයුතු කරනා බව ප්‍රත්‍යක්ෂ විය යුතුවේ. එමනිසා බුදු දහම නිර්මල නම් ඒ දහමට අනුව පන්සල්වල / විහාරස්තාන තුල සිදුවන සියලු කට යුතුද නිර්මල බවකින් සිදුවන බව රටේ සියලු පුරවසිබවුද්ද්යන් වෙත ප්‍රත්‍යක්ෂ විය යුතුම වේ.