(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියට ක්ෂණික පැමිණිලි ඉදිරිපත් කිරීම සඳහා ස්ථාපනය කරනු ලැබූ ක්ෂණික දුරකථන සේවාව සඳහා රුපියල් කෝටියක පමණ මුදලක් වැය කර ඇතත් ඉන් නිසි ප්‍රතිඵල ලැබී නැතැයි ජාතික විගණන කාර්යාලය පවසයි.
පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ 1977 ක්ෂණික දුරකතන සේවාව සඳහා 2020 වර්ෂයේදී මහජන පැමිණිලි 5104ක් ලැබී තිබුණද එම පැමිණිලිවලින් 3790 ක් සම්බන්ධයෙන් කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නොතිබූ බව ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්තාවක සඳහන් වෙයි.
පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියට 2020 වර්ෂයේ මාස 10 ක කාලයක් සඳහා ලැබුණු පැමිණිලි වලින් සියයට 74 ක් සම්බන්ධයෙන් කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නොතිබූ බව විගණන නිලධාරීහු පවසති.
මේ අතර එම අධිකාරිය 2020 වර්ෂයේ ජනවාරි පෙබරවාරි මාස දෙකට අදාළව කිසිදු දත්ත ගබඩාවක් පවත්වාගෙන ගොස් නැතැයි විගණන අංශවලට තොරතුරු හෙළිවී ඇත.
පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ වැටලීම් ප්‍රමාණයද 2020 වර්ෂයේදී සියයට 34 කින් පහත වැටී ඇතැයි එම වාර්තාවේ දැක්වේ.
පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය 2020 වර්ෂයේදී කර ඇති වැටලීම් ප්‍රමාණය 15,923කි.
එම අධිකාරිය 2019 වසරේදී වැටලීම් 24061 ක් සිදු කළේය.
එසේම ආයතනයේ දඩ ආදායමද 2020 වර්ෂයේදී සියයට 44 කින් පහත වැටී ඇතැයි ජාතික විගණන කාර්යාලය සඳහන් කරයි.
ආයතනය 2019 වර්ෂයේදී රුපියල් හාර කෝටියකට ආසන්න වටිනා දඩ ආදායමක් උපයා ගෙන තිබූ අතර 2020 වර්ෂයේ එම ආදායම දෙකෝටි දහ අට ලක්ෂයකි.
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප
කෝටියක් ගිල්ල තවත් සුදු අලියෙක්
ravin Monday, 14 March 2022 02:09 PM
ආනේ...!! ඇත්තද? සියල්ලටම අමතක වෙලාද? කොවිඩ් කියලා වසංගතයක් රට තුළ පැවැතියාය, වැඩිපුර දින ගණනාවක් සියලු ආයතන වසා තැබුවාය කියලා... වැඩකරන දින ගණනත්, අඩුම සේවක සංඛ්‍යාවකින් වැඩ කළාය කියලා...
sharm warn Monday, 14 March 2022 02:10 PM
වැඩ කරපු අයව එළියට දාලා පන්දම්කාරයෙක් දාගෙන සුදුළූණු, සීනි, පොල්තෙල් කතා හංගපුවා වලින් භාණ්ඩාගාරෙට අහිමි වෙච්ච බදුමුදල එක්ක බලද්දි ඔව්වා නම් මොනවද?
ranjith Monday, 14 March 2022 02:44 PM
දැන්නම් කෙරුවා ඇති නේද? පුළුවන් කණ්ඩායමකට දීලා.. එහෙම නොගියොත් ජනතාව තවත් අමාරුවේ වැටෙයි නේද?