IMG-LOGO

2025 ජුලි මස 19 වන සෙනසුරාදා


කෝටියක උදුනට ලක්ෂ හයක පාටියක් දාලා

(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න )

මැණික් හා ස්වර්ණාභරණ පර්යේෂණ හා අභ්‍යාස ආයතනය මැණික් පිළිස්සීම සඳහා රුපියල් කෝටියකට වැඩි මුදලක් වැයකර මිලදීගත්  විශේෂිත උදුන ක්‍රියාත්මක කිරීම ආරම්භ කිරීම වෙනුවෙන් පැවැත්වූ  උත්සවය සඳහා  රුපියල් ලක්ෂ හයකට ආසන්න මුදලක්  2020 වර්ෂයේදී වැය කර ඇතැයි  ජාතික විගණන කාර්යාලය තොරතුරු අනාවරණය කරගෙන ඇත.

මැණික් පිළිස්සීම සඳහා මිලදී ගෙන ඇති මෙම උදුන මිලදී ගත් දින සිට  වසර හයක පමණ කාලයක්  කිසිදු  වැඩකට යොදා නොගෙන  (නිශ්කාර්යව) පැවතුණු  බව   ජාතික විගණන කාර්යාලය පවසයි.

උදුන මිලදී ගැනීමට වැය වූ මුදලට අමතරව   උදුන ස්ථාපනය කිරීම, අමතර කොටස් සහ විදුලි පරිපථ වැඩි දියුණු කිරීම සඳහා තවත් රුපියල් විසි නව ලක්ෂයකට වැඩි මුදලක් වැය  කර ඇති අතර උඳුන දීර්ඝ කාලයක් පාවිච්චි නොකිරීම  හේතුවෙන් අධික අළුත්වැඩියා වියදමක්  දැරීමට සිදුවී  තිබූ බව ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්තාවක සඳහන් වේ.

මේ අතර   මැණික් හා ස්වර්ණාභරණ කර්මාන්තය සඳහා තාක්ෂණ ශිල්පීන් දාහක් පුහුණු කිරීම සඳහා පවත්වා තිබුණු පාඨමාලා සඳහා 2015-2018 අතර කාලයේදී 805 දෙනකු බඳවාගෙන තිබුණද ඉන් 225 දෙනකු  පුහුණුව අවසන් කර නොතිබූ බවත්  පාඨමාලා සඳහා දැරූ රුපියල්  තිස් හය ලක්ෂයක වියදම ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියෙන්  ප්‍රතිපූරණය කරගෙන නොතිබුණු බවත් එම වාර්තාවේ දැක්වේ.

ආයතනයේ පර්යේෂණ අංශය 2017-2019 අතර කාලයේදී නවෝත්පාදන   හතරක් වෙනුවෙන් රුපියල් 14 ලක්ෂයකට වැඩි මුදලක් වැය කර තිබුණද එම නවොත්පාදන වෙළෙඳපොළට හඳුන්වාදී ආදායම් ඉපයීමට හෝ එම නිෂ්පාදන අවශ්‍ය පාර්ශවයන්ට භාවිතය සඳහා ලබාදීමට වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර නොතිබූ බව විගණන නිලධාරීහු පවසති.

එමෙන්ම ආයතනයේ ජ්‍යෙෂ්ඨ පර්යේෂණ (වර්ණ වැඩි දියුණු කිරීම) ජ්‍යෙෂ්ඨ පර්යේෂණ ( නවෝත්පාදන ) ඇතුළු පර්යේෂණ  නිලධාරීන් අටකගේ සහ  කථිකාචාර්යවරුන් හතරදෙනෙකුගේ  පුරප්පාඩු පැවතියත් එම පුරප්පාඩු සඳහා කලක් තිස්සේ බඳවා ගැනීම් කර නොතිබූ බව පවසන විගණන අංශ  පුහුණු අංශය සඳහා ස්ථිර කථිකාචාර්යවරුන් බඳවා ගැනීම වෙනුවට බාහිර කථිකාචාර්යවරුන් ගේ සහ ආයතනයේ නිලධාරීන්ගේ සේවය දිගින් දිගටම ලබාගෙන තිබූ බව ප්‍රකාශ කරයි.

මේ අතර  ප්‍රසම්පාදන කාර්යයන් සඳහා  රුපියල් ලක්ෂ 80කට වැඩි ප්‍රතිපාදන සලසා ගෙන තිබුණද එම ප්‍රතිපාදන උපයෝජනය කිරීමට කටයුතු කර නොතිබූ බව  විගණන  කාර්යාලය තොරතුරු අනාවරණය කරගෙන  ඇත.



අදහස් (1)

කෝටියක උදුනට ලක්ෂ හයක පාටියක් දාලා

සෙනෙවිරත්න Wednesday, 30 March 2022 03:47 AM

නාස්තිය සහ නොසැලකිල්ල නිසා වන පාඩුව අප රටේ තේමාවයි.ඉන් බැහැරවීම ජාතික අනන්‍යතාවයට හිතකර නැත.. දේශපාළුවන් සහ ඊට සරිලන දූෂිත නිළධාරී පැලැන්තිය සදාකල් වැජ⁣ඹේවා .

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 412 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 572 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 235 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site