IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


කෝටිපති ව්‍යාපාරිකයකු ගැන සී.අයි.ඩී විමර්ශන

(නිමන්ති රණසිංහ)

වංචා කිරීමේ සහ කූඨ ලේඛන සකස් කිරීමේ සිද්ධි සම්බන්ධයෙන් මහේස්ත්‍රාත් අධිකරණ කිහිපයක චෝදනා එල්ලවී ඇති කෝටිපති ව්‍යාපාරිකයකු පිළිබඳව විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කර ඇත.

මෙරට ප්‍රධාන පෙළේ පෞද්ගලික සමාගමක අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයකු ලෙස සිටිමින්, කූඨ ලේඛන සකස් කිරීම සහ එම සමාගම්වල වාහන විකුණා වංචා කිරීමේ සිද්ධි ගණනාවකට සම්බන්ධ බව කියන, කොළඹ 06 පදිංචි නඩරාජා කනරාජා නොහොත් ‘ගනේෂ්’ නමැති කෝටිපති ව්‍යාපාරිකයා සම්බන්ධයෙන් මෙම විමර්ශනය ආරම්භ කර ඇතැයි ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දී ඇත.

තමා අධ්‍යක්ෂ ධුරයක් හොබවන පෞද්ගලික ආයතනයේ කොටස් කූඨ ලේඛනයක් සකස් කරමින් මෙම පුද්ගලයා විසින් විකුණනු ලැබ ඇති බවට පැපිලියාන බොරලැස්ගමුව පදිංචි වීරසිංහ මුදලිගේ රොෂාන් වීරසිංහ යන අය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මුල්‍ය හා වාණිජ අපරාධ විමර්ශන අංශ 01හි ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක එස්.එස්.එම්. සාජිත් මහතා ඉදිරියේ කළ පැමිණිල්ලකට අනුව, මෙම විමර්ශනය ආරම්භ කර ඇතැයි එම දෙපාර්තමේන්තුව අධිකරණයට කරුණු වාර්තා කර තිබේ.



අදහස් (0)

කෝටිපති ව්‍යාපාරිකයකු ගැන සී.අයි.ඩී විමර්ශන

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 514 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 263 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1060 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site