
(බිමල් ශ්‍යාමන් ජයසිංහ සහ ගයාන් සූරියආරච්චි)
පොදු ජන පෙරමුණින් මෙවර පළාත් පාලන මැතිවරණය සඳහා තරග කරන හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකු විසින් සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයකු මිය ගොස් ඇතැයි කටාන පොලිසිය කියයි.
සිද්ධියෙන් මිය ගොස් ඇත්තේ එම ප්‍රදේශයේම පදිංචිව සිටි රොෂාන් පරණවිතාන නැමැති වයසඅවුරුදු 35 ක පමණ පුද්ගලයෙකි.
අදාල වෙඩි තැබීම සම්බන්ධ හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයාට මියගිය පුද්ගලයා විසින් එල්ල කළ පිහි ප්‍රහාරයකට ලක්ව බරපතල තත්ත්වයෙන් පොලිස් ආරක්ෂාව මධ්‍යයේ මීගමු රෝහලේ ප්‍රතිකාර ලබන බවත් උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය.
මියගිය පුද්ගලයා මත්ද්‍රව ළඟ තබා ගැනීම සහ අපරාධ චෝදනා සම්බන්ධයෙන් නඩු ගණනාවක් තිබෙන පුද්ගලයකු බවත් ප්‍රාදේශීය සභා අපේක්ෂකයා සමඟ කටාන කටියන ප්‍රදේශයේදි ඇතිවූ බහින් බස්වීමකින් අනතුරුව ඔහු පසුපස එළවා ගොස් පිහි පහරවල් කීපයක් එල්ල කර ඇති බවත් අනතුරුව සැකකාර අපේක්ෂකයා විසින් පිස්තෝල ගිනි අවියකින් වෙඩි තබා ඇති බව පොලිසිය කියයි.
එම වෙඩි ප්‍රහාරය එම පුද්ගලයාගේ නළලට පපුවට සහ උදර ප්‍රදේශයට වැදී ඇති බව පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.
තුවාල ලද අපේක්ෂකයාගේ ශරීරයටද පිහි පාරවල් රැසක් එල්ල වී ඇතැයි පොලිසිය සඳහන් කරයි.
2025 නොවැම්බර් මස 04
717
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2389
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1750
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
කටානේ වෙඩි තැබීමකින් අයෙක් මරුට
බේරේ ගඳ නෑරේ Tuesday, 22 April 2025 09:40 PM
පොදුජන පෙරමුණේ අයයි, කුඩුකරුවනුයි -- විටෙක බදාගන්නවා, තවත් විටෙක මරාගන්නවා. දෙගොල්ලොන්ට දෙගොල්ලො නැතුව බෑ.
බද්රානි Tuesday, 22 April 2025 10:08 PM
මියගිය පුද්ගලයාව කුඩු කාරයෙක් කරලා ඔහුගේ නමත් ප්‍රසිද්ධ කරලා, මිනීමරුවා වෙඩි තියලා තියෙන්නේ ආත්ම ආරක්ෂාවට කියල නේද මේ කියන්නේ..? කෝ මිනීමරුවාගේ නම..? මිනීමරුවාගේ නම ප්‍රසිද්ධ කරන්න බය ඒ පොහොට්ටුවේ ප්‍රාදේශීය ගණන් කාරයෙක් හින්දද..?
ප්‍රියසාද් Wednesday, 23 April 2025 04:07 AM
කටානේ රණ හඪ!
රසික Wednesday, 23 April 2025 05:00 AM
වෙඩි වැදිලා මැරිච්ච කෙනාගේ නම දාන්න
රනේ Wednesday, 23 April 2025 06:14 AM
ඒ් හැම දෙනා අවි ගත්තෝ වෙති.
kamal Koyrala Wednesday, 23 April 2025 12:09 PM
ගිනි අවි සියල්ල භාරගත්තා කිව්වා නේද, මේ අවි ආවෙ කොහෙන්ද එහෙනම්? දේශපාලකයන් අතට?