IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


කටුනායකට ආ යානා හතරක් මත්තලට -ඉන්දීය ගුවන්තොටකට ගොඩබස්සවයි

 

(ටී.කේ.ජී.කපිල )

කටුනායක ගුවන් තොටුපොළ අවට ප්‍රදේශයේ අද(07) අලුයම පැවති ඝන , දැඩි මීදුම් තත්වය නිසා , එහි ගොඩ බැස්සවීමට පැමිණි ගුවන් යානා 04 ක ගුවන් නියමුවන්ට , කටුනායක  ගුවන් තොටුපොළ  ධාවන පථය නිසියාකාරව නොපෙනීම නිසා , මත්තල සහ ඉඉන්දියාවේ ත්‍රිවේන්ද්‍රම් ගුවන් තොටුපොළ වෙත යොමු කිරීමට පියවර ගත් බව ගුවන් තොටුපොළ කාර්යය භාර නිලධාරීවරයා පැවසීය .

ඒ අනුව අද(07) දින අලුයම 05.00ට කටුනායක ගුවන් තොටුපොළ වෙත ගොඩ බැස්සවීමට ඩුබායි සිට පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 226 , චීනයේ ග්වැන්ෂෝ සිට පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 881 සහ අද  දින අලුයම 05.05 ට ඉන්දියාවේ බැංගලෝර් සිට පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 174 දරන ගුවන් යානා 03 මත්තල ගුවන් තොටුපොළ වෙත යොමු කිරීමට පියවර ගෙන තිබුණි .

ඊට අමතරව තුර්කියේ ඉස්තාන්බුල් නුවර සිට අද  දින අලුයම 06.00 ට කටුනායක ගුවන් තොටුපොළ වෙත ගොඩ බැස්සවීමට පැමිණි තුර්කි ගුවන් සේවයේ ටී.කේ.- 730 දරන ගුවන් යානය ඉන්දියාවේ ත්‍රිවේන්ද්‍රම් ගුවන් තොටුපොළ වෙත හරවා යවා තිබුණි .



අදහස් (5)

කටුනායකට ආ යානා හතරක් මත්තලට -ඉන්දීය ගුවන්තොටකට ගොඩබස්සවයි

ඉරාන් Tuesday, 07 January 2025 10:24 AM

ඇයි තුර්කි එකත් මත්තලට හරවලා යැව්වෙ නැත්තෙ.?

:       1       31

රම්බොඩ Tuesday, 07 January 2025 02:03 PM

රටකට ගුවන්තොටුපළවල් දෙකක්වක් අවශ්‍ය බව තහවුරු වෙන්නේ මෙවැනි අවස්ථා වලයි. ඒවා කවුද හැදුවෙ කියන එකවත් නම මොකද්ද කියන එකවත් වැදගත් නෑ. ඒවා රටේ සම්පත් . දේශපාලන නිවටකම් නිසා වී ගබඩා කළා කෙනෙක්.

:       4       14

Nandalal de Silva - France Tuesday, 07 January 2025 03:35 PM

මා පදිංචිව සිටින ප්‍රංශයේ මෙන්ම උතුරු අර්ධද්වීපයේ බොහොමයක් රටවල්වල වසරේ වැඩි කාලවල තද සුළං, මීදුම, හිම පතනය වැනි ස්වාභාවික ආපදාවන් නිසා, යන එන ගුවන් යානා වෙන රටවලට හරවා යවන බවක් අප අසා නැත. මෙවැනි රටවල තාක්ෂණික උපකරණ සහ අධිබලැති විදුලිබල පද්ධති මගින් ධාවන පථ පැහැදිලිවම පෙනෙන නිසා ගුවන් නියමුවන්ට සිය යානා ආරක්ෂිතව පාලනය කරන්න පුලුවන්. කෙසෙ වෙතත් තද හිම වැටෙන විට නම් තත්වය මීට වඩා වෙනස්. කටුනායක බණ්ඩාරනායක ගුවන්තොටුපොල ටත් අධිබලැති විදුලි පහන් සවිකර ධාවන පථ පැහැදිලිවම පෙනෙන ආකාරයට සකස් කලොත් විදේශ ගුවන් තොටුපොල වල් වලට ගෙවන ඩොලර් අපෙ රටෙ ඉතිරි කර ගැනීමට පුළුවන් නොවෙද ? හරවා යැවූ යානා හතරෙන් තුනක්ම "ශ්‍රී ලංකන්" යානා වීමත් කතා බහට ලක්වන පුවතක් වීමේ රහස මොකක්ද?

:       0       8

Sunik Tuesday, 07 January 2025 05:25 PM

තද සුළං කියන්නේ නම් සෙල්ලමක් නෙවෙයි. ඒවා නවීන තාක්ෂණය යොදා ගෙන වෙනස් කරන්න බැරි වෙයි. නමුත් මත්තලින් නියම ප්‍රයෝජනයක් ගන්න පුළුවන් නම් පිටරටට යානා අරින්නේ නැතුව ඉන්න පුළුවන්නේද. ඊට පස්සේ ඕනනම් බස්වල දාලා හයිවේ එකේ ප්‍රධාන නගරවලටවත් මගීන්ව අරින්න පුළුවන්. ඉන්දියාවේ ඇරියාම ඒ ටික කරන්න බැහැනේ. ආපහු කටුනායක එන්නම ඕනෑ.

:       0       0

Sarath Tuesday, 07 January 2025 06:26 PM

දැන් කියන්නකෝ මයිනා හොරා කාපු නිසා මත්තල හැදිලා කියලා. මාලිමා හිඟන්නෙක් නැද්ද මේකට උත්තරයක් දාන්න එන්නේ...?

:       1       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 569 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 281 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1084 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site