IMG-LOGO

2025 සැප්තැම්බර් මස 13 වන සෙනසුරාදා


කේට්ගේ අඩුවට ‘ඩුප්ලි-කේට්’

බ්‍රිතාන්‍යයේ ඔටුන්න හිමි විලියම් කුමරුන්ගේ බිරිඳ හෙවත් වේල්සයේ කුමරිය කේට් මිඩ්ල්ටන් සම්බන්ධයෙන් මේ වනවිට කුසුකුසුවක් නිර්මාණය වී ඇත. ඒ, පසුගිය ජනවාරියේ උදරයේ සැත්කමකට භාජන වූ කේට් අතුරුදන් බවට රාවයක් පැතිර යෑමත් සමඟය.

42 හැවිරිදි කේට් යහතින් සිටිනවා යැයි පවසමින් විලියම් කුමරු මැදිහත් වී, පසුගිය දිනෙක, කේට් දරුවන් තිදෙනා සමඟ සිටින ඡායාරූපයක් මාධ්‍ය හරහා ප්‍රසිද්ධ කළ නමුත් පසුව අනාවරණය වූයේ එම ඡායාරූපය ව්‍යාජ එකක් බවත්, පරිගණකයෙන් සකස් කරන ලද්දක් බවත්ය.
මේ අතර විලියම් කුමරු කේට් කුමරියගේ මිතුරියක වන රෝස් හැන්බරි සමඟ අනියම් සම්බන්ධයක් පවත්වන බවට ද රාවයක් පැතිර ගියේය.

රෝස් හැන්බරි ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වීමක් කළේ තමන්ගේ සහ විලියම් කුමරුන්ගේ එවැනි සම්බන්ධයක් නැති බවය.

කේට් ප්‍රසිද්ධියේ පෙනී නොසිටීමත් සමඟ හෙයිඩි ඒගන් නමැති ඉතාලි ජාතික යුවතිය ගැන ද ලොව කාගේත් අවධානය යොමු වී ඇත. හෙයිඩි ඒගන් කේට් කුමරියගේ පෙනමට බෙහෙවින් සමාන යුවතියකි. ඇය කේට් කුමරියගේ අනුකරණය ලෙස ප්‍රසිද්ධිය පත් වී සිටින්නීය.

2012 වසරේ හෙයිඩි ඒගන් ඉතාලි අවන්හලක සේවිකාවක ලෙස රැජිකාව කරමින් සිටියාය. අවන්හලට පැමිණෙන සියලු දෙනා ඇය කේට් මිඞ්ල්ටන්ට සමාන කරද්දී, ඇය නිරූපණ සහ රංගන ක්ෂේත්‍රයේ ඒජන්තවරුන් සමඟ සම්බන්ධ වී, අවන්හලේ රැකියාව අතහැර කේට් මිඩ්ල්ටන් අනුකරණයට යොමු වූ බව පැවැසෙයි. ඒ, වසර කීපයක් සැබෑ කේට් මිඩ්ල්ටන් සහ ඇගේ සැමියා ඔටුන්න හිමි විලියම් කුමරුන් ඡායාරූපවලින් සහ වීඩියෝ දසුන්වලින් මනා ලෙස අධ්‍යයනය කරමිණි.

ආන්දෝලනයක් ඇති කළ එම ඡායාරූපය ...

අද වනවිට හෙයිඩි ඒගන් වෘත්තීය මට්ටමින් කේට් මිඩ්ල්ටන්ගේ නිල අනුකරණය බවට පත් වී සිටින්නීය. ඇය කේට් මිඩ්ල්ටන් ලෙස සාදවලටත්, විවිධ උත්සවවලටත් සහභාගී වන්නීය.

හෙයිඩි ඒගන් කේට් මිඩ්ල්ටන්ගේ අනුකරණය කරමින්, ඇමෙරිකාවේ, ඕස්ට්‍රේලියාවේ, චීනයේ සංචාරවල ද නියැලී ඇත. හෙයිඩි ඒගන් මෙම සංචාරවල නියැලනේනේ සයිමන් වොට්කින්සන් නමැති නිරූපණ ශිල්පියා සමඟය. මොහු පෙනුමින් විලියම් කුමරුන්ට යම්තාක් දුරකට සමානය. හෙයිඩි ඒගන් දෙදරු මවක වන අතර ඇගේ සැමියා රසන් ඒගන්ය. රසල් වෘත්තීය චිත්‍ර ශිල්පියෙකි.

(එන්.ඩී.ටීවී.)



අදහස් (0)

කේට්ගේ අඩුවට ‘ඩුප්ලි-කේට්’

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 238 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 73 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 773 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site