(ඩී.ජී.සුගතපාල)
බූස්ස බන්ධනාගාරයේ රඳවා සිටින පාතාල නායකයකු වන කංජිපානි ඉම්රාන්ට ආහාර බඳුනක සඟවා ජංගම දුරකතන දෙකක් සහ චාජර දීමට තැත්කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ සැකකරුවන් හය දෙනා සැප්තැම්බර් 25 දක්වා රිමාන්ඩ් බන්ධනාගාර ගත කිරීමට ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල මහතා අද(13)නියෝග කළේය.
මෙසේ රිමාන්ඩ් බන්ධනාගාරගත කරනු ලැබුවේ කංජිපානි ඉම්රාන්ගේ පියා වන මොහොමඩ් ඉම්රාන් මොහොමඩ් නසීම්(65)සද්ධර්ම මාවත කොළඹ 10, මොහොමඩ් නසිම් අබ්දුල් ෆාසිස්(28), මොහොමඩ් කුකුබ්දින් මොහොමඩ් වසිම්දීන්(28), මොහොමඩ් ඉස්තිකාර් මොහොමඩ් සෆ්රාස්(23), මොහොමඩ් ඉල්හාම් මොහොමඩ් අෆ්රිඩින් (28) මොහොමඩ් සරූක් මොහොමඩ් ෆායිස් යන සැකකරුවන් හය දෙනාය.
ඊයේ (12) පවත්වන ලද සිරකරු සුබ සාධක දිනය නිමිත්තෙන් රැඳවියන් බැලීමට පැමිණි කංජිපානිගේ පියා, සහෝදරයා සහ ඇතුළු සැකකාර ඥාතීන් සිව්දෙනා රැගෙන ආ ආහාර බඳුනේ පතුලේ සඟවා තිබූ ජංගම දුරකතන දෙකක්, සිම්පත් දෙකක් සහ චාජර බන්ධනාගාර නිලධාරීන් සොයාගෙන තිබිණි.
කංජිපානි ඉම්රාන් ගංජා ළඟ තබා ගැනීමේ චෝදනාවට වරදකරු වී කොළඹ මහාධිකරණය විසින් බරපතල වැඩ සහිත වසර හයක සිර දඬුවම් නියම වී සිටින්නෙකි.
රත්ගම පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ පොලිස් පරික්ෂක ධම්මික නාගහවත්ත මහතා සමග සැරයන් දේවසිංහ (17205)මහතා විසින් සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කරන ලදී.
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප
කංජිපානිගේ පියා- සොහොයුරා ඇතුළු 6 දෙනා රිමාන්ඩ්
පිටිගල මිලානෝ Friday, 13 September 2019 12:58 PM
බත් මුට්ටි දෙකක්ම ගෙනියැව්වේ ඇයි කියලා දැනුයි තේරෙන්නේ... කට්ටියම ගෙරිමස්, බුරියානි කනවා ඇති...
බද්රානි Friday, 13 September 2019 01:55 PM
නඩු පැවරීම සම්බන්ධයෙන් මූලික විරෝධතාවක් ගොනු කරන්න වත් මේ මිනිස්සුන්ට මොලයක් නැද්ද? අනික අධිකරණය ලබාදුන් තීන්දුවක් ප්‍රතිශෝධනයක් කර, සියලු චෝදනා වලින් නිදොස් කොට නිදහස් වෙන ක්‍රමයක් මේ සිරි ලංකාවේ තිබෙන බවවත් මේ මෝඩ මිනිසුන් දන්නේ නැද්ද? ඔයවගේ දේවල්වලට හිරේට යන වෙලාවේ.., දේශපාලනයට සම්බන්ධ වෙලා, ජනාධිපතිවරණයටත් ඉදිරිපත් වෙලා මේ රට ඇමරිකන් වුවදුරෙන් මුදවා ගන්න මේ වංචාකාරයින්ට බැරිද? අඩුතරමේ, බිලියන ගාණකින්වත් මේ රටට පාඩු නොකර, එසේ නැත්නම්, ආයුධ කීපයක් හෝ හිරකාරයින්ට ලබා නොදී, මේ දෙකයි පනහේ ටෙලිෆෝන් බන්ධනාගාරයට රැගෙන ගොස් ජනතාවගේ මුදලින් හිරබත් කෑම මේ රටේ ජාතිමාමක, දේශහිතෛෂී, දේශප්‍රේමී ප්‍රබුද්ධ යටහත් පහත් ජනතාවට කරන මදිපුංචිකමක් හා අවමානයක් නොවේද?