IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


කච්චතිවු මංගල්‍ය සාර්ථක නිමාවට

(යොහාන් භාසුර)

ඉන්දු - ශ්‍රීලංකා මුහුදු සීමාව ආසන්නයේ පිහිටි කච්චතිව් ඓතිහාසික ශාන්ත අන්තෝනි මුනිඳුන්ගේ දේවස්ථානයේ වාර්ෂික දේව මංගල්‍යය අද (12) නිමාවට පත්විය.

සීමිත බැතිමතුන් පිරිසකගේ සහභාගීත්වයෙන් පවත්වන ලද මෙවර දේව මංගල්‍යයේ කටයුතු සාර්ථකව සිදු කර ගැනීම සඳහා අවශ්‍ය පහසුකම් සැළසීම ශ්‍රී ලංකා නාවික හමුදාව අනුග්‍රහය දැක්වීය.

සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුකූලව සීමිත ශ්‍රී ලාංකික සහ ඉන්දියානු බැතිමතුන් පිරිසකගේ සහභාගීත්වයෙන් පවත්වන ලද මෙවර දේව මංගල්‍යයේ ප්‍රධාන දේව මෙහෙය, යාපනය දියෝකිසය භාර අනුනායක ජෝෂප් ජෙබරත්නම් පියතුමාගේ ප්‍රධානත්වයෙන් පවත්වනු ලැබූ අතර, ඒ සඳහා ඉන්දියාව සහ ශ්‍රීලංකාව නියෝජනය කරමින් තවත් පියතුමන්ලා සහ කන්‍යා සොහොයුරියන් පිරිසක් එක්ව සිටියහ.

නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්නගේ උපදෙස් හා මඟ පෙන්වීම මත, වාර්ෂික කච්චතිව් මංගල්‍යය සදහා අවශ්‍ය පහසුකම් සපුරාදීම උතුරු නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා මහතාගේ අධීක්‍ෂණය යටතේ සිදු කෙරුණි. යාපනය දිස්ත්‍රික් ලේකම් කාර්යාලය හා සම්බන්ධීකරණයෙන් උතුරු නාවික විධානය මඟින් මංගල්‍යය සඳහා සහභාගී වූ බැතිමතුන් හට අවශ්‍ය ආහාර, පානීය ජලය,සනීපාරක්ෂක පහසුකම්, තාවකාලික මංමාවත් හා ජැටි සකස් කර දීම, විදුලි පහසුකම් සලසා දීම, බැතිමතුන්ගේ ආරක්ෂාව සඳහා ජීවිතාරක්ෂක කණ්ඩායම් යෙදවීම මෙන්ම වෛද්‍ය පහසුකම් සැලසීම සඳහා වෛද්‍යවරුන්ගෙන් සමන්විත වෛද්‍ය කණ්ඩායමක් යෙදවීමටත් කටයුතු කළේය.

 



අදහස් (0)

කච්චතිවු මංගල්‍ය සාර්ථක නිමාවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 569 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 282 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1084 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site