(විමුක්ති එස් රුද්‍රිගු)
ඉන්දියානු නාවික හමුදාවට අයත් 'INS GHARIAL' නෞකාව අද (29) දින කොළඹ වරායට ළඟා විය.
කිලෝග්‍රෑම් 760 ක් බරින් යුත් අත්‍යාවශ්‍ය ඖෂධ සහ වෛද්‍ය සැපයුම් තොගයක් රැගෙන 'INS GHARIAL' නෞකාව ශ්‍රී ලංකාවට පැමිණ ඇත.
'INS Gharial' අද දින කොළඹට පැමිණියේ ශ්‍රී ලංකාවෙන් කළ ඉල්ලීමට ප්‍රතිචාර වශයෙන් ඉන්දියාවෙන් ලබා දෙන අත්‍යාවශ්‍ය ඖෂධ සහ වෛද්‍ය සැපයුම් ආධාර තොගය භාර දීමටය.
ශ්‍රී ලංකාවට රැගෙන ආ එම අත්‍යාවශ්‍ය ඖෂධ සහ වෛද්‍ය සැපයුම් තොගය සෞඛ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා වෙත ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල් භග්ලේ මහතා නිල වශයෙන් භාර දුන්නේය.
මෙම ඖෂධ සහ සැපයුම් තොගය ඉන්දියාවෙන් ශ්‍රී ලංකාවට ලැබුණු ත්‍යාගයකි.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
ඖෂධ සහ වෛද්‍ය ආධාර රැගෙන ඝාරියල් කොළඹට
Thilina Liyanage Friday, 29 April 2022 06:52 PM
කිලෝ ග්‍රෑම් 260ක් ගේන්න නැවක්...!
jayasena Friday, 29 April 2022 07:36 PM
කිලෝග්‍රෑම් 260 ක් කියන්නේ සිමෙන්ති බෑග් 5ක බරක්නේ...