IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


ඖෂධ නිෂ්පාදන සංස්ථාව හිතුමතේ බෝනස් ගෙවලා

 

(සුජිත් හේවාජුලිගේ )

ශ්‍රී ලංකා රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාව සිය සේවකයන් සඳහා විධිමත් අනුමැතියකින් තොරව  ප්‍රසාද දීමනා( බෝනස් ) සහ දිරිදීමනා ලබාදීමෙන්  රුපියල් කෝටි දාහතරක පමණ පාඩුවක්   ඉකුත් 2020 වර්ෂයේදී  සිදුවී ඇතැයි ජාතික විගණන කාර්යාලය පවසයි.

චක්‍රලේඛ විධිවිධාන ප්‍රකාරව  සේවකයකු වෙනුවෙන් වාර්ෂිකව රුපියල් 13,500 ක පමණ ප්‍රසාද දීමනා ගෙවිය හැකි වුවද සංස්ථාව එම මුදලට අමතරව මාසික වැටුප මෙන්ම රුපියල් 10,000 ක සභාපති ප්‍රසාද දීමනාවක්ද  ගෙවා තිබූ බව ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්තාවක සඳහන් වේ.

මේ අනුව සේවකයන් සඳහා චක්‍රලේඛ අනුමත සීමාව ඉක්මවා සහ විධිමත් අනුමැතියකින් තොරව 2020 වර්ෂයේදී ප්‍රසාද දීමනා ලෙස එක්කෝටි හැට පන් ලක්ෂයක මුදලක් වැඩිපුර ගෙවා තිබූ බව පවසන විගණන කාර්යාලය සේවකයන් සඳහා 2011 වර්ෂයේ සිට 2020 වර්ෂය දක්වා නිෂ්පාදන දිරිදීමනා ලෙස  රුපියල්  දොළොස් කෝටියකට වැඩි මුදලක් වැඩියෙන් ගෙවා තිබූ බවද  සඳහන් කරයි.

විගණන වාර්තාවේ දැක්වෙන අන්දමට ශ්‍රී ලංකා රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාවේ  සේවකයන් සඳහා දිරිදීමනා ලෙස  2020 වර්ෂයේදී පමණක්  වැඩිපුර ගෙවා ඇති මුදල  රුපියල්  දෙකෝටියකට ආසන්නය.

තවද පැමිණීමේ දිරිදීමනා ලෙස මසකට එක් සේවකයකුට රුපියල් දෙදහසක් පමණක් ගෙවීමට අනුමැතිය  ලැබී තිබුණද එය රුපියල් 3500 ක් දක්වා වැඩි කර ගෙවා තිබූ බව විගණන  අංශ පවසයි.

මේ අතර නිලධාරියකුට ගෙවිය හැකි උපරිම ආපදා  ණය මුදල රුපියල් දෙලක්ෂ පනස් දහසකට සීමා කළ යුතුව තිබුණද 2020 වර්ෂයේ දී නිලධාරීන් එකසිය එක් දෙනෙකුට  එම සීමාව ඉක්මවා රුපියල් එක්කෝටි විසිහතර ලක්ෂයකට වැඩි මුදලක් ගෙවා තිබූ බව විගණන වාර්තාවේ දැක්වේ.

තවද  වැඩ බැලීමේ කාලය මාස 3 ක උපරිමයකට යටත් විය යුතු වුවද නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (වට්ටෝරු හා පර්යේෂණ) තනතුර සඳහා අඛණ්ඩව වර්ෂ තුනකට අධික කාලයක් වැඩ බැලීමේ පදනම මත නිලධාරියකු බඳවා ගෙන තිබූ බව විගණන කාර්යාලය පවසයි.



අදහස් (2)

ඖෂධ නිෂ්පාදන සංස්ථාව හිතුමතේ බෝනස් ගෙවලා

Bamunuarachchi Tuesday, 18 October 2022 07:10 AM

සංස්ථා සබපතිලා හිතාගෙන ඉන්නේ සංස්ථා බුදලෙන් ලැබුන ඒවා කියලා. බෝනස් බෙදාගන්නවා අපිට බදු ගහනවා. මේක බ්‍රහ්මකෙළියක්නේ. බෝනස් ගෙවන්න තරම් ලාභ තිබෙනවානම් බෙහෙත් මිල අඩුකරන්න.

:       1       7

Lakmal Tuesday, 18 October 2022 07:06 PM

ආයතන විකිණීම සඳහා රජයේ ලාභ ලබන ආයතන පිළිබඳව අසත්‍ය ප්‍රචාර සිදු කර මහජනතාව මුළා කිරීමට පල කරන ලද්දකි.

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 274 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 184 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 991 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site