IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


ඖෂධ නිෂ්පාදන සංස්ථාවේ මගඩියක් හෙළිවෙයි

 

(සුජිත් හේවාජුලිගේ සහ නිමන්ති රණසිංහ)

ශ්‍රී ලංකා රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාව 2020 වර්ෂයේදී ඖෂධ පර්යේෂණ කටයුතු  සඳහා  මිලදීගෙන තිබූ ඖෂධ අමුද්‍රව්‍ය කිලෝ 213කින් කිලෝ 175ක් නියමිත ප්‍රමිතියෙන් තොර පාවිච්චියට නුසුදුසු ඒවා බවට තහවුරුවී යැයි  ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්තාවක සඳහන් වේ.

එම ඖෂධ අමුද්‍රව්‍ය මිලදී ගැනීම සඳහා සංස්ථාව රුපියල් ලක්ෂ විස්සකට වැඩි මුදලක්  වැයකර තිබූ බවද  විගණන විමර්ශනවලදී තොරතුරු අනාවරණයවී ඇත.

මේ අතර ශ්‍රී ලංකා රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාව විවිධ හේතු මත ඖෂධ නිෂ්පාදනය එම වර්ෂයේදී  අතරමඟ නවතාලීම නිසා රුපියල් ලක්ෂ විසි හයකට ආසන්න  පාඩුවක් සිදුවී ඇතැයි විගණන  අංශ පවසයි.

නිෂ්පාදනය මෙසේ අතරමඟ නවතා ඇත්තේ ඖෂධ පෙතිවල  විචලතා, අයහපත් පෙනුම හා පෙති කැඩීයාම වැනි හේතු නිසා බව සඳහන් කරන විගණන  වාර්තාව සෑම වර්ෂයකම නිෂ්පාදන  ක්‍රියාවලියේදී සිදුවන මෙම අයහපත් තත්වය අවම කර ගැනීමට කටයුතු කර නොතිබූ බවද  ප්‍රකාශ කරයි.

මේ අතර  වෛද්‍ය සැපයුම් අංශය විසින් 2020 වර්ෂයේදී ඇණවුම් කෙරුණු රුපියල් කෝටි සීයක් පමණ වටිනා ඖෂධ වර්ග 26කින් ඒකක මිලියන 570.78ක ප්‍රමාණයක් සැපයීමට සංස්ථාව අපොහොසත්වී තිබූ බව  ජාතික විගණන කාර්යාලය පවසයි.



අදහස් (2)

ඖෂධ නිෂ්පාදන සංස්ථාවේ මගඩියක් හෙළිවෙයි

පුරවැසියෙක්.... Saturday, 22 October 2022 12:42 PM

මේ මගඩි කරුවන් නීතිය හමුවට පැමිණවීමක් හෝ දඬුවම් ලබාදීමේ ක්‍රමවේදයක් නැතිද?

:       0       0

MAP Hemachandra Saturday, 22 October 2022 06:12 PM

2015සිට කරපු සෙල්ලම තවමත් කරගෙන යනවා වගේ. Formulation අංශයේ ප්‍රතිපත්ති වලට අනුකූලව වැඩකිරීමට නිදහස දෙන්න. එවිට මෙවැනි දේවල් සිදුනොවේ.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 255 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 182 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 988 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site