IMG-LOGO

ඖෂධ ගන්න විදේශ තානාපති කාර්යාලවලිනුත් සහය ඉල්ලයි

(සුජිත් හේවාජුලිගේ )

අත්‍යවශ්‍ය ඖෂධ 273 ක් විදේශයන්හි දානපතියන් මාර්ගයෙන් කඩිනමින් සපයා ගැනීමට මැදිහත් වන්නැයි ඖෂධ නිෂ්පාදන සැපයුම් හා නියාමන රාජ්‍ය අමාත්‍යාංශය විදේශීය තානාපති කාර්යාලවලින් විශේෂ ඉල්ලීමක් කර ඇත.

විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය ජයනාත් කොළඹගේ මහතාගේ මාර්ගයෙන් මෙම ඉල්ලීම කර ඇතැයි ඖෂධ නිෂ්පාදන සැපයුම්  හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා ලංකාදීපයට පැවැසීය.

ශ්‍රී ලංකාවට අවශ්‍ය ඖෂධ ලබා ගැනීම සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානය ලෝක බැංකුව මෙන්ම ජාත්‍යන්තර රතුකුරුස සංවිධානයද ඉදිරිපත්ව සිටින බව සඳහන් කළ රාජ්‍ය අමාත්‍යවරයා ලෝක බැංකුව ඖෂධ මිලදී ගැනීම සඳහා ණයවර ලිපි විවෘත කර ගැනීමට උදව් කරන බවද ප්‍රකාශ කළේය.

ඉන්දියානු ණය වැඩපිළිවෙළ යටතේ ඖෂධ ලැබීම  අවසන් අදියරේ පවතින බවද චන්න ජයසුමන මහතා කීවේය.

ජනතාවට අවශ්‍ය ඖෂධ හිඟයකින් තොරව සැපයීම සඳහා උපරිම ශක්තියෙන් කටයුතු කරගෙන යන බවත් ඒ සඳහා අදාළ අංශ සමග අඛණ්ඩව සාකච්ඡා පවත්වන බවත්  හෙතෙම සඳහන් කළේය.

මේ අතර  විදේශයන්හි සිටින වෛද්‍යවරුන් ඇතුළු විවිධ වෘත්තිකයන් සහ  දානපතීන් රැසක් ශ්‍රී ලංකාවට ඖෂධ සපයා දීම සඳහා ස්වේච්ඡාවෙන් ඉදිරිපත්ව සිටින බව සඳහන් කළ මහාචාර්යවරයා  ඒ සියලු දෙනාට ස්තූතිය පුද කරන බවද ප්‍රකාශ කළේය.

විදේශයක සිටින දානපතියකු දරුවන්ට අවශ්‍ය කෙරෙන   රුපියල්  ලක්ෂ 12ක් පමණ වටිනා උපකරණ  සපයා දීමට   ඉදිරිපත්ව  සිටින බව ඔහු වැඩිදුරටත් කීවේය.



අදහස් (2)

ඖෂධ ගන්න විදේශ තානාපති කාර්යාලවලිනුත් සහය ඉල්ලයි

Sas Monday, 11 April 2022 06:50 PM

ඔබේ ඇමැතිකමින් ඇති ඵලය කුමක්ද?

:       6       34

චාන්දනී Monday, 11 April 2022 07:53 PM

ගමේ මට්ටමින් පොහොට්ටු කාර්‍යාල තියෙනවා නේද ගොයියො ඒවායේ ඉන්න එවුන්ට කතා කරල බලපන්කො නැත්නම් උඹලගෙ කියත්මගේ එවුන්ට කියලා බලපංකො. ඔහොම කරල රටට ලැජ්ජා කරන්න එපාබං

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 372 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 922 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 1315 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site