IMG-LOGO

 ඕ.අයි.සීගේ ගමන වැළැක් වූ රාජ්‍ය ඇමැතිට එරෙහිව පැමිණිල්ලක්

(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)

මීගමුව කොටසේ සිට ආනමඩුව පොලිස් ස්ථානාධිපති ලෙස පත් කළ ප්‍රධාන පොලිස් පරීක්ෂක ඩබ්ලිව්. පී. ආර් අබේනායක මහතාගේ එම පත්වීම ඉහළ බලධාරීන්ට බලපෑම් කර අත්හිටුවීමට කටයුතු කළේ යැයි කියන පුත්තලම දිස්ත්‍රික්කයේ රාජ්‍ය අමාත්‍යවරයකුට එරෙහිව එම ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක් කර ඇත.

මෙමඟින් තමාගේ මූලික අයිතිවාසිකම් කඩ වූ බවත් ඒ ගැන විධිමත් පරීක්ෂණයක් පවත්වා සාධාරණය ඉටු කර දෙන ලෙසත් ඉල්ලා ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා මෙම පැමිණිල්ල කර ඇතැයි කොමිසමේ උසස් නිලධාරියෙක් ලංකාදීපයට පැවසීය.

මෙම පත් කිරීම අත්හිටුවීම සම්බන්ධයෙන් පුවත්පත් වල පළවීමෙන් පසු අදාල රාජ්‍ය අමාත්‍යවරයා සමහර රූපවාහිනී නාලිකා මගින්තමාගේ නාමයට අපකීර්තියක් වන ආකාරයේ ප්‍රකාශ ලබා දී ඇති බවද ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා කළ එම පැමිණිල්ලේ වැඩිදුරටත් සඳහන් කර ඇතැයි කොමිසමේ එම උසස් නිලධාරියා කීය.

ආනමඩුව පොලිස් ස්ථානාධිපතිවරයා ලෙස පත්කරනු ලැබූ මීගමුව කොට්ඨාසය රාජකාරි කරන ප්‍රධාන පොලිස් පරීක්ෂක අබේනායක මහතාගේ එම පත්වීම පුත්තලම දිස්ත්‍රික්කයේ රාජ්‍ය අමාත්‍යවරයෙකු ගේ මැදිහත්වීම 19 වැනි දා අත්හිටුවනු ලැබීය.

ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා ආණමඩුව පොලිස් ස්ථානාධිපතිවරයා ලෙස පත්කළ විශේෂ පොලිස් පණිවිඩය නිකුත් කර තිබුණේ ඉකුත් 18 වෙනිදාය.

 



අදහස් (5)

 ඕ.අයි.සීගේ ගමන වැළැක් වූ රාජ්‍ය ඇමැතිට එරෙහිව පැමිණිල්ලක්

bjayathilaka Wednesday, 26 April 2023 06:08 AM

දඬුවම මානව හිමිකම් කොමිසමේ සාමාජිකයින්ටද?, නියෝජ්‍ය අමතිටද?, පොලිස් නිලධාරියාටද ?

:       0       7

Liyanage Wednesday, 26 April 2023 10:13 AM

රාජ්‍ය සේවය පිස්සු බල්ලන්ගේ පාලනයට නතුව.

:       0       10

chamara Wednesday, 26 April 2023 01:20 PM

කොන්ද පණ තියෙන පොලිස් නිලධාරියෙක් සෑහෙන කාලයකින් පස්සේ දැක්කේ...

:       0       11

ලුම්බිණි Wednesday, 26 April 2023 01:29 PM

මුළු රටම විහිළුවක් වෙලා. ඡන්දෙන් පත් මන්ත්‍රීලා හිතන් ඉන්නේ ඒ අයට එම ප්‍රදේශය පුද්ගලික බූදලයක් සේ ලියලා දීලා කියලා...

:       0       9

ලසන්ත Wednesday, 26 April 2023 01:42 PM

ලංකාව 2048 සංවර්ධිත රටක් කළ හැකි ක්‍රමය. 1. පළාතේ ඇමති, රාජය ඇමති හෝ නියෝජ්‍ය ඇමති... අකැමැතිනම් පත් නොකිරීම, කොහෙට හරි මාරුකිරීම... 2. කැමැතිනම් පත්කිරීම, කොපමණ අකාර්යක්ෂම වුවත්, හොරවැඩ කළත් තවදුරටත් තබාගැනීම...

:       0       6

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 210 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 718 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 1130 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site