IMG-LOGO

ඕස්ට්‍රේලියාවේ වෙඩි තැබීමක්

ඕස්ට්‍රේලියාවේ ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයේ සිදුවුණු වෙඩි තැබීමකින් සය දෙනෙක් ජීවිතක්ෂයට පත් වුණු බවත්, ඔවුන් අතරේ පොලිස් නිලධාරීන් දෙදෙනකු ද සිටින බවත් එරට මාධ්‍ය වාර්තා කරයි.

පුද්ගල අතුරුදන් වීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පොලිසිය විමර්ශනයක් පවත්වමින් සිටිද්දී, වෙඩි තැබීම සිදුවුණු බව ද පැවැසෙයි. වෙඩි තැබීම කළ සැකකරු පසුව පොලිස් වෙඩි පහරින් ජීවිතක්ෂයට පත් විය.

පොලිස් නිලධාරීන් විමර්ශන කටයුතු සඳහා වියෙම්බිලා නමැති නගරයේ බංගලාවක් සෝදිසි කිරීමට ගිය අවස්ථාවේදී පොලිස් නිලධාරින්ට වෙඩි ප්‍රහාරය එල්ල විය. මියගිය සෙසු පිරිස පොලිස් විමර්ශනයට සහාය දක්වමින් බංගලාව අසලට රැස්වුණු පිරිස් පැවැසෙයි.

මියගිය පොලිස් නිලධාරීන් දෙදෙනා අවුරුදු 26 ත් 29 ත් වයස්වල පසුවන්නන් බව ක්වීන්ස්ලන්ඩ් පොලිස්පති කැත්‍රිනා කැරොල් පසුව මාධ්‍ය හමුවක් පවත්වමින් සිදුවූයේ කුමක්දැයි පැහැදිලි කරමින් පැවසුවාය. මාධ්‍ය හමුව අතරතුරේ පොලිස්පතිනිය කඳුළු සැලූ බව ද මාධ්‍ය වාර්තා කර තිබේ.

(රොයිටර්)



අදහස් (0)

ඕස්ට්‍රේලියාවේ වෙඩි තැබීමක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 79 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 302 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්  සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි. 2025 ජුලි මස 23 56 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප‍

Our Group Site