
(විමුක්ති එස් රුද්‍රිගු)
ශ්‍රී ලාංකික සම්භවයක් සහිත වයෝවෘද්ධ යුවලක් ඕස්ට්‍රේලියාවේ වොරන්ඩයිට් නගරයේ මිලියනර්ස් රෝ වීදියේ ඔවුන්ගේ නිවස අසාන්නයේදී මිය ගොස් සිටියදී ඊයේ (12) ඕස්ට්‍රේලියානු පොලිසිය සොයාගත් බව එරට මාධ්‍ය වාර්තා කළේය.
මෙලෙස මියගොස් ඇත්තේ 80 දශකයේ පසුවන ඩොයින් කැස්පර්ස් නම් පුද්ගලයෙකු සහ ඔහුගේ බිරිඳ වූ මාර්ලින් නම් තැනැත්තියක් බව ඕස්ට්‍රේලියානු පොලිසිය පැවැසුවේය.ඔවුන්ගේ මරණ සැකසහිත මරණ ලෙස නම් නොකරන බවත් මරණ පරීක්ෂණයෙන් පසුව ඔවුන් මිය යෑමට හේතුව ප්‍රකාශයට පත් කරන බවත් ඕස්ට්‍රේලියානු පොලිසිය ප්‍රකාශ කළේය.
ඔවුන්ගේ සිරුරු ඊයේ (12) උදෑසන 9.30 ට පමණ පොලිසිය විසින් සොයා ගනු ලැබූ බවත් ඔවුන් මියයන දිනයේ වොරන්ඩයිට්හි උෂ්ණත්වය සෙල්සියස් අංශක 38 ක් වී ඇති බවත් ඕස්ට්‍රේලියානු පොලිසිය පැවැසුවේය.ඔවුන්ගේ මරණවලට හේතුව අධික උෂ්ණත්වය වන්නට ඇති බව විශ්වාස කරන බවත් නිශ්චිතවම හේතුව මරණ පරීක්ෂණයෙන් පසුව දැන ගන්නට හැකි බවත් ඕස්ට්‍රේලියානු පොලිසිය ප්‍රකාශ කළේය.
2025 දෙසැම්බර් මස 18
312
1
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
202
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1000
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ඕස්ට්‍රේලියාවේදී ලාංකික සම්භවයක් සහිත යුවලක් මරුට