IMG-LOGO

2025 ජුලි මස 29 වන අඟහරුවාදා


ඕස්ට්‍රේලියාවේදී සල්ලාලකම් කළැයි 13 වසරක් හිරේ

ඕස්ට්‍රේලියාවේ බාලවයස්කාර දැරියන්ට නිරුවත් ඡායාරූප එවන ලෙස තර්ජනය කළ 24 හැවිරිදි ශ්‍රී ලාංකික තරුණයෙකුට වික්ටෝරියා ප්‍රාන්තයේ අධිකරණයක් විසින් වසර 13 ක සිර දඬුවමක් නියම කර තිබේ.

උසස් අධ්‍යාපනය හැදෑරීම සඳහා මෙම සිසුවා ඔස්ට්‍රේලියාවට ගොස් ඇති අතර මොහු මහනුවර ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

මෙම සිසුවා තමන් වෙත නිරුවත් ඡායාරූප එවන ලෙස බාලවයස්කාර දැරිවියන් කිහිපදෙනෙකුට තර්ජනය කර තිබේ.

එසේ නොකොළහොත් ව්‍යාජ ඡායාරූප සකස් කර එම දැරිවියන්ගේ හිත මිතුරන්ට ලබා දෙන බව පවසා ඇත.  තර්ජනය කළ දැරිවියන් අතර වයස අවුරුදු 10 ක දැරිවියක් ද සිට ඇත.

2020 වසරේ මේ සම්බන්ධයෙන් ඕස්ට්‍රේලියානු ෆෙඩරල් පොලිසියට ලද පැමිණිල්ලකට අනූව මෙම සිසුවා අත්අඩංගුවට ගෙන ඇත. නඩු විභාගයෙන් පසු මොහුට වසර 13 ක සිර දඬුවමක් ලැබී ඇති අතර සිර දඬුවම අවසානයේ ශ්‍රී ලංකාවට පිටුවහල් කරන බව ඕස්ට්‍රේලියානු බලධාරීහු පැවසූහ.

(034)



අදහස් (9)

ඕස්ට්‍රේලියාවේදී සල්ලාලකම් කළැයි 13 වසරක් හිරේ

saki Thursday, 03 March 2022 07:58 PM

හොඳ දෙයක්

:       0       0

kalum Thursday, 03 March 2022 08:00 PM

කොහේ ගියත් මෙයාලගේ ඔලුව හදන්න බැහැනේ...!

:       0       0

Perera Thursday, 03 March 2022 11:22 PM

ඕස්ට්‍රේලියාවේ හිරගෙදර එයාගෙ මහගෙදරට වඩා හොඳ ඇති...

:       0       0

chandana Thursday, 03 March 2022 11:42 PM

අපේ රටේ නම් මෙහෙම වෙන්නේ නැහැ. තරයේ අවවාද කර නිදහස් කරනවා. හිරේ හිටියත් ඕස්ට්‍රේලියාවෙනේ...

:       0       0

Ruby Friday, 04 March 2022 07:23 AM

ශ්‍රී ලංකාව යළිත් ජාත්‍යන්තරයට...

:       0       0

මෝ Friday, 04 March 2022 08:00 AM

රටේ නම කාපු අයගේ නම සඳහන් කරන්න. සත්තු වත්තේ සොංහා කූඩුවට දාන්න නිදහස් වුණායින් පස්සේ...!

:       0       0

Bunny Preena Friday, 04 March 2022 09:01 AM

අපරාදෙ දෙමව්පියන් බොහොම සද්භාවයෙන් දරුවන්ට හොඳ තැනක් ලබාදෙන්නට දරන උත්සාහය අපතේ ගියා. මෙම නොමනා හැසිරීම නිසා දෙමව්පියන් සහ පවුලේ අය මොනතරම් අපහසුතාවයට පත්වෙන්න ඇතිද? තරුණ, තරුණියන් මෙයාට වඩා බුද්ධිමත්ව හැඟීම් පාලනය කරගෙන වැඩ කළොත් හොඳයි.. නිරපරාදෙ අමාරුවේ වැටෙන්නේ නැතිව...

:       0       0

Wickramabahu Karunarathna Friday, 04 March 2022 09:23 AM

ලංකාවේත් ගැහැණු ළමයෙක්ව අනාථ කරලා මෙහෙන් පැනලා තියෙන්නේ...!

:       0       0

Ananda Friday, 04 March 2022 12:38 PM

නියමයි...!

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 23 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 186 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 508 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

Our Group Site