
(ගයාන් සූරියආරච්චි)
බුස්ස අධිආරක්ෂිත බන්ධනගාරයේ දැනට රඳවා සිටින සංවිධානාත්මක අපරාධ කරුවකු වන රණවිර ආරච්චිගේ ශානුක මදුෂාන් නොහොත් ඔලුමරා නමැත්තා සිර මැදිවියේ වැසිකිළි වළක් තුළ සඟවා තිබූ ජංගම දුරකථනයක්, සිම්පත් දෙකක් පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබීය.
සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයකු වන රණවිර ආරච්චිගේ ශානුක මදුෂාන් නොහොත් ඔලුමරා යන රැදවියා රදවා සිටින බුස්ස අධිආරක්ෂිත බන්ධනගාරයේ විශේෂ අංශයේ D කොටසේ අංක 104 සිර මැදිරි හදිසි පරික්ෂාවක දී වැසිකිළි වළක සඟවා තිබූ ජංගම දුරකථනයක්, සිම්පත් දෙකක් සහ චාජරයක් විශේෂ කාර්ය බළකාය නිලධාරීන් විසින් සොයා ගනු ලැබීය.
රණවිර ආරච්චිගේ ශානුක මදුෂාන් නොහොත් ඔලුමරා නැමැත්තා මාරවිල මහේස්ත්‍රාත් උසාවියේ නඩුවකට අදාලව සිදුකළ විමර්ශන වලට අනුව දුරකථනයක් භාවිතා කරමින්, පුද්ගලයන් බිය වද්දමින් වෙනත් පුද්ගලයන් යොදවා කප්පම් හා බිය වැද්දවිම් සිදු කරන ලද පුද්ගලයෙකු බවට අනාවරණය වී ඇත.
මාරවිල මහේස්ත්‍රාත් අධිකරණයේ විනිසුරුවරයා වෙත වාර්තා කිරිමෙන් අනතුරුව, මාරවිල මහේස්ත්‍රාත් අධිකරණයේ විනිසුරුවරයා ඉහත සැකකරු රදවා සිටින සිර මැදිරිය පරික්ෂා කර ජංගම දුරකථන හා සිම්පත් අත්අඩංගුවට ගන්නා ලෙස විශේෂ කාර්ය බළකාය අණදෙන නිළධාරිවරයා වෙත ලබා දි ඇති නියෝගයකට අනුව මෙම පරික්ෂාව සිදුකර ඇත.
2025 දෙසැම්බර් මස 18
687
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
328
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1116
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ඕලුමාරාගේ සිර කුටියෙන් දුරකතන හමු වෙයි