(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
සේවා කාලය අවසන් කර දිවයිනෙන් පිටත්ව යාමට නියමිත ඕමාන තානාපති ජුමා හම්ඩාන් හසන් අල්මලික් අල්ෂෙහි මහතා (Juma Hamdan Hassan AlMalik Alshehhi) කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ඊයේ (4) හමුවිය.
ඉන්ධන, ගෑස් සහ ආයෝජන අවස්ථා ආදිය සම්බන්ධයෙන් දෙරට අතර ද්විපාර්ශ්වීය සබඳතා ශක්තිමත් කර ගැනීමට සහාය වන බව ඕමාන තානාපතිවරයා මෙහිදී පැවසීය.
එසේම ශ්‍රී ලංකා- ඕමාන පාර්ලිමේන්තු මිත්‍රත්ව සංසදය හරහා දෙරට අතර සබදතා ශක්තිමත් කිරීමේ අවශ්‍යතාව පිළිබඳවද මෙහිදී සාකච්ඡා විය.
වසර 08ක සේවා කාලය තුළ ඕමාන තානාපතිවරයා ශ්‍රී ලංකාවට දුන් සහාය පිළිබඳවද කතානායකවරයා සිය කෘතවේදීත්වය පළ කළේය.
මේ අවස්ථාවට පාර්ලිමේන්තුවේ මහලේකම් ධම්මික දසනායක මහතා ද සහභාගී විය.
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
සීඝ‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P
ඕමාන තානාපති කතානායක හමුවෙයි