(විමුක්ති එස් රුද්‍රිගු)
95 වෙනි ඇකඩමි සම්මාන උළෙල (ඔස්කාර් සම්මාන උළෙල) ඊයේ(12) ලොස් ඇන්ජලීස් නගරයේ ඩොල්බි රඟහලේදී එරට වේලාවෙන් පස්වරු 8 ට ආරම්භ විය.හොලිවුඩ් චලන චිත්‍ර කලා සහ විද්‍යා ඇකඩමිය ඔස්කාර් සම්මාන උළෙල සංවිධානය කරනු ලබයි.
මෙවර ඔස්කා සම්මාන උළෙල මෙහෙයවීමේ කටයුතු ඇමෙරිකාවේ සුප්‍රසිද්ධ රුපවාහිනී වැඩසටහන් නිවේදකයකු වන ජිමී කිමෙල් වෙත භාර විය.
මෙවර ඔස්කාර් සම්මාන උළෙලේදී හොඳම නළුවාට හිමි සම්මානය දිනා ගැනීමට සුපිරි හොලිවුඩ් නළු බ්‍රෙන්ඩන් ෆ්‍රේසර් සමත් විය.ඒ "ද වේල්" චිත්‍රපටය සඳහාය.
එව්රිතින්ග් එව්රිවෙයාර් ඕල් ඇට් වන්ස් චිත්‍රපටය කළ රංගනය වෙනුවෙන් මිෂෙල් යෝ මෙවර ඔස්කාර් සම්මාන උළෙලේදී හොඳම නිළියට හිමි සම්මානය දිනා ගත්තාය.
මෙවර ඔස්කාර් සම්මාන උළෙලේ හොඳම චිත්‍රපටය ලෙස එව්රිතින්ග් එව්රිවෙයාර් ඕල් ඇට් වන්ස් චිත්‍රපටය, හොඳම චිත්‍රපට ගීතය ලෙස ආර්ආර්ආර් චිත්‍රපටයේ "නාටු නාටු" ගීතය, හොඳම සහාය නළුවා ලෙස එව්රිතින්ග් එව්රිවෙයාර් ඕල් ඇට් වන්ස් චිත්‍රපටයේ කළ රඟපෑම වෙනුවෙන් කී හේ ක්වාන්, හොඳම සහාය නිළිය ලෙස එව්රිතින්ග් එව්රිවෙයාර් ඕල් ඇට් වන්ස් චිත්‍රපටයේ කළ රඟපෑම වෙනුවෙන් ජෙමී ලී කර්ටිස්, හොඳම අධ්‍යක්ෂකවරුන් ලෙස එව්රිතින්ග් එව්රිවෙයාර් ඕල් ඇට් වන්ස් චිත්‍රපටය අධ්‍යක්ෂණය කළ ඩැනියෙල් ක්වාන් සහ ඩැනියෙල් ශයිනර්ට්, හොඳම සජීවිකරණ චිත්‍රපටය ලෙස ගිලිමෝර් ඩෙල් ටොරෝස්ගේ පිනෝකියෝ චිත්‍රපටය සම්මාන දිනාගත්හ.
මෙවර ඔස්කාර් සම්මාන උළෙලේ ඉන්දියානු චිත්‍රපට ගීතයක් හොඳම චිත්‍රපට ගීතයට හිමි සම්මානය දිනා ගැනීමට සමත් වූවේය. එව්රිතින්ග් එව්රිවෙයාර් ඕල් ඇට් වන්ස් චිත්‍රපටය වැඩිම සම්මාන ප්‍රමාණයක් දිනාගත් චිත්‍රපටය විය.
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක
ශ්රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්
ඔස්කාර් සම්මාන උළෙලින්
Mr Don Monday, 13 March 2023 01:20 PM
අපිට සම්මාන කීයක් ලැබුනද?
රසිකයාMonday, 13 March 2023 02:04 PM
නැගිට්ටා නම්... දැන් එළිවෙලා.