
(ටී.කේ.ජී.කපිල )
ශ්‍රී ලංකාවට පැමිණෙන විදේශීය සංචාරකයන් ඇතුළු අනෙකුත් පුද්ගලයන්ට මාර්ගගත ක්‍රමයට ( Online Visa ) වීසා නිකුත් කිරීම සිදු නොවීම නිසා , කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ ලබා ගන්නා වීසා (On Arrivel Visa ) ලබා ගැනීම සදහා දිගු පෝලිම් කටුනායක ගුවන් තොටුපොළ තුළ ක්‍රමිකව ඇති වෙමින් පවතී .
ශ්‍රේෂ්ඨාධිකරණය මගින් ඉකුත් 08.02 දින නිකුත් කළ නියෝගයක් අනුව ශ්‍රී ලංකාවට පිවිසීමට වීසා නිකුත් කිරීමේ කටයුතු වලින් වී.එෆ්.එස්.ග්ලෝබල් සමාගම ඉවත් කිරීමට සහ ගුවන් තොටුපොළ තුළ පැරණි ක්‍රමයට සාමාන්‍ය පරිදි වීසා නිකුත් කිරීම සිදු කරන ලෙස ද නියෝග නිකුත් කර තිබුණි .
එහෙත් රජය සහ ආගමන විගමන දෙපාර්තමේන්තුව මේ දක්වා පැරණි ක්‍රමයට සාමාන්‍ය පරිදි මාර්ගගත ක්‍රමයට වීසා ( Online Visa ) නිකුත් කිරීම ආරම්භ කර නොමැති නිසා මේ ආකාරයට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ වීසා ( On Arrivel Visa ) ලබා ගැනීම සදහා දිගු පෝලිම් ඇති වී තිබේ .
මෙම ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගයත් සමගම මාර්ගගත ක්‍රමයට වීසා නිකුත් කිරීම ඇණ හිටි අතර , ශ්‍රී ලංකාවට පැමිණෙන සංචාරකයන් ඇතුළු සියලුම දෙනාට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ වීසා (ON Arrivel Visa ) ලබා ගැනීම එකම විසදුම බවට පත් වී තිබේ .
මෙම අගෝස්තු මාසයේ සිට ශ්‍රී ලංකාවේ සංචාරක සමය ආරම්භ වී පැවතීමත් , විශේෂයෙන් මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යය නැරඹීමටත් විශාල වශයෙන් විදේශීය සංචාරකයන් කටුනායක ගුවන් තොටුපොළ ඔස්සේ ශ්‍රී ලංකාවට පැමිණෙමින් සිටිති .
ඔවුන් සහ කටුනායක ගුවන් තොටුපොළ වෙත ගුවන් යානා එකවර , විශාල සංඛ්‍යාවක් පැමිණෙන අවස්ථාව වලදී කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ වීසා ( On Arrivel Visa ) ලබා ගැනීම සදහා දිගු පෝලිම් ඇති වීම නිරන්තරයෙන් ඇති වීම නිසා විදේශීය සංචාරකයන් මහත් අපහසුතාවයට ලක් වී තිබේ .
2025 දෙසැම්බර් මස 18
611
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
296
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1094
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ඔන් ලයින් වීසා ගැටලුවෙන් ගුවන්තොටේ පෝලිම්
සෙනෙවිරත්න Monday, 12 August 2024 12:57 PM
මේක හිතාමතා ඇති කළ පෝලිමක්දැයි සොයා බලන්න. අධිකරණ නියෝග වලට පිටුපෑම මහා ප්‍රජාතන්ත්‍රවාදී සහ ඉංග්‍රීසි දන්නා ලොවම පිළිගත් නායකයාගේ විලාසිතාවක් වෙලා.
janahitha Monday, 12 August 2024 01:51 PM
වහාම ඉවත් වෙන්න ජනතාව ආණ්ඩුවට කියනවා හැමතැනම මුදල් ගසාකමින් බලයේ සිටිනවා. හොර බෙහෙත් ගේන්න අහිංක දරුවන් වැඩිහිටියන් මරාදමමින් මුදල් හම්බ කරනවා. නුඹලා වහාම ඉවත්විය යුතුයි.
de silva Monday, 12 August 2024 02:34 PM
රියදුරු බලපත් , පාස්පොර්ට් , වීසා යන හැමතැනම පෝලිම් , මේවා සිදුවෙලා තිබෙන්නේ ලොක්කෝ එක එක කොමිස් ගැසීම නිසා , මුළු රජයම ෆේල් , රනිල්ට සහ පොහොට්ටුවට ඡන්දෙ දුන්නොත් රියදුරු බලපතක් අවුරුදු 4-5 ගන්න බැහැ , ගුවන් ගමන් බලපත්‍ර ගන්න රුපියල් 50,000 විතර පගාව දෙන්න වේවි , රනිල් පුලුවන්නම් ඡන්දෙට කලින් මේවා නැවත ප්‍රකුර්ති තත්වයට ගෙන එන්න , බැරිනම් රනිල් ඔයා ගෙදර යන්න
Prabha Monday, 12 August 2024 03:11 PM
ලංකාවට වඩා ලාභ හොඳ ගමනාන්ත සංචාරකයන්ට තියෙන බව අමතක නොකරන්න.