IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


ඔන්ලයින් පනත ගැසට් කරයි

(සුජිත් හේවාජුලිගේ )

සමාජ මාධ්‍ය නියාමනය සඳහා විධිවිධාන ඇතුළත් මාර්ග ගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත් කෙටුම්පත(ඔන්ලයින් ) පිළිබඳ ගැසට් නිවේදනය අද (2) නිකුත් කෙරිණ.

මෙම පනත් කෙටුම්පත  පාර්ලිමේන්තුවේදී පසුගිය 24 වැනිදා සම්මතවිය. ඒ දින දෙකක විවාදයෙන් පසුවය.

ඉන් පසු කතානායක මහින්ද යාපා අබේවර්ධන  මහතා එම පනත්  කෙටුම්පතට  ඊයේ (1) සහතිකය සටහන් කිරීමෙන් පසු බලාත්මක විය.

මාර්ග ගත ක්‍රමවල සුරක්ෂිත භාවය පිළිබඳ කොමිෂන් සභාව පිහිටුවීම සඳහාද මාර්ගගතව කරනු ලබන තහනම් ප්‍රකාශ වලින් ආරක්ෂාව සැලසීම සඳහාද මාර්ග ගත ගිණුම් සහ ව්‍යාජ මාර්ගගත ගිණුම් භාවිතා කිරීම වැළැක්වීම සඳහාද ශ්‍රී ලංකාවේ තහනම් කාර්ය සඳහා භාවිතා කරනු ලබන මාර්ගගත ස්ථාන හඳුනාගැනීම සඳහා සහ ප්‍රකාශයට පත් කිරීම සඳහා විධිවිධාන සැලැස්වීම සඳහාද තහනම් ප්‍රකාශ සන්නිවේදනය කිරීම සඳහා මුදල් සැපයීම සහ අනෙකුත් ආධාර ලබාදීම මැඩ පැවැත්වීම සඳහාද ඒ හා සම්බන්ධ හෝ ඊට අනුශාංගික කාරණා සඳහා විධිවිධාන සැලැස්වීම පිණිසදවූ පනත් කෙටුම්පතක් බව  මෙහි සඳහන් වේ.



අදහස් (2)

ඔන්ලයින් පනත ගැසට් කරයි

chandima Saturday, 03 February 2024 04:57 AM

පිනා යාවජීව ඒකාධිපති පාරකට සෙට්වෙන්න වගේ යන්නේ...?

:       0       2

දේවින්ද Saturday, 03 February 2024 08:18 PM

පින් ජනාධිපති ගත්තු මෝඩම තීරණයක්... ඒකෙන් වුනේ රජය ගැන මිනිස්සුන්ගේ පිළිකුල තවත් වැඩි වෙච්චි එක විතරයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 160 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 149 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 957 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site