IMG-LOGO

2025 ඔක්තෝබර් මස 26 වන ඉරිදා


ඔටිසම් දරුවන් වෙනුවෙන් රට පුරා ව්‍යාපෘති තුනක්

 

(අංජුල මහික වීරරත්න)

 ශ්‍රී ලංකාව සඳහා වූ අන්තර්කරණ මුල් ළමාවිය සංවර්ධන වැඩසටහන සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.

ශ්‍රී ලංකාවේ ඔටිසම් ඇතුළු ස්නායු සංවර්ධන ආබාධ සහිත දරුවන්ගේ සංඛ්‍යාව පසු ගිය දශක කිහිපය තුළ ඉහළ ගොස් ඇත. ඒ අනුව, පැන නැගී ඇති අභියෝග වලට මුහුණ දීම පිණිස දිස්ත්‍රික්ක 25 පුරාම ඔටිසම් ඇතුළු ස්නායු සංවර්ධන ආබාධ සහිතදරුවන් සඳහා සෞඛ්‍ය, අධ්‍යාපනය සහ සේවා පහසුකම් වැඩි දියුණු කිරීමට පස් අවුරුදු ජාතික වැඩසටහනක් ක්‍රියාත්මක කිරීම සඳහා රජය සැලසුම් සකස් කර ඇත.

එහි මූලික පියවරක් ලෙස ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූලව ඔටිසම් ඇතුළු ස්නායු සංවර්ධන ආබාධ සහිත දරුවන් සඳහා ප්‍රතිකාර මධ්‍යස්ථානයක් කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ ස්ථාපිත කිරීම වෙනුවෙන් 2025 අයවැය මඟින් රුපියල් මිලියන 200 ක ප්‍රතිපාදන සලසා දී තිබේ. එම ව්‍යාපෘතියට අමතරව, දිස්ත්‍රික්ක 25 ම එම රෝගය සම්බන්ධයෙන් මැදිහත් වීම ව්‍යාප්ත කිරීම සඳහා ව්‍යාපෘති යෝජනාවක් ජාතික ක්‍රම සම්පාදන දෙපාර්තමේන්තුව වෙත ඉදිරිපත් කරනු ලැබ ඇත. යෝජිත ව්‍යාපෘතිය පහත සඳහන් ප්‍රධාන සංරචක 03 කින් සමන්විත වේ;

* දිස්ත්‍රික් මට්ටමින් ළමා සංවර්ධන සහ මැදිහත්වීමේ මධ්‍යස්ථාන ස්ථාපිත කිරීම.

*පළාත් මට්ටමින් ප්‍රජා ළදරු මධ්‍යස්ථාන ස්ථාපිත කිරීම.

* දිස්ත්‍රික් මට්ටමින් ධාරිතා වර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කිරීම.

ඒ අනුව, එම ව්‍යාපෘති සංරචක 2025-2027 මධ්‍යකාලීන අයවැය රාමුව තුළ ක්‍රියාත්මක කිරීම සඳහා ජාතික ක්‍රම සම්පාදන දෙපාර්තමේන්තුව විසින් සිදු කරනු ලැබ ඇති නිර්දේශ මත පදනම්ව, ඔටිසම් ඇතුළු ස්නායු සංවර්ධන ආබාධ සහිත දරුවන් සම්බන්ධයෙන් මැදිහත් වීම ව්‍යාප්ත කිරීම සඳහා වන ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම පිණිස සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යවරයා  ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

 



අදහස් (0)

ඔටිසම් දරුවන් වෙනුවෙන් රට පුරා ව්‍යාපෘති තුනක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1460 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1310 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 474 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site