IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


ඔක්සිජන් රැගත් ’’ශක්ති’’ නෞකා ඉන්දියාවෙන් පිටත්වෙයි

(යොහාන් භාසුර සහ ළහිරු හර්ෂණ)

ඉන්දීය රජයෙන් ඇණවුම් කළ සායනික ඔක්සිජන් තොගය රැගත් ‘ශක්ති’ නෞකාව අද (20) අළුයම චෙන්නායි වරායෙන් ශ්‍රී ලංකාව බලා පිටත් වූ බව ශ්‍රී ලංකා නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කපිතාන් ඉන්දික ද සිල්වා මහතා පැවසීය.

ඔක්සිජන් තොගයක් රැගත් ඉන්දීය නාවික හමුදාවට අයත් සංග්‍රාමික යුද්ධෝපකරණ සහ සැපයුම් ප්‍රවාහන ‘ශක්ති’ නෞකාව ද, ඉන්දියාවේ විශාඛාපට්නම් වරායෙන් ඊයේ රාත්‍රියේ ශ්‍රී ලංකාව බලා පිටත් වූ අතර එම නෞකාව ලබන ඉරිදා හෝ සඳුදා කොළඹ වරායට සේන්දු වීමට නියමිතය.

ඉන්දීය රජයෙන් ඇනවුම් කළ සායනික ඔක්සිජන් නාවික හමුදාව මඟින් මෙරටට රැගෙන ඒමේ ක්‍රියාවලිය කඩිනම් කිරීම සඳහා සහයෝගය ලබා දෙන ලෙස නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න මහතා ඉන්දීය නාවික හමුදාධිපති අද්මිරාල් කරම්බීර් සිං මහතා සමඟ සෘජුව සාකච්ඡා කිරීමේ ප්‍රතිඵලයක් ලෙස දෙරටේ නාවික හමුදා අතර ඇති සහයෝගීතාවය තවදුරටත් ශක්තිමත් කරමින් ඉන්දියානු නාවික හමුදාවට අයත් ශක්ති නෞකාව ද මෙරටට සායනික ඔක්සිජන් රැගෙන ඒම සඳහා එක්වූ බවත් නාවික හමුදාව කියයි.



අදහස් (7)

ඔක්සිජන් රැගත් ’’ශක්ති’’ නෞකා ඉන්දියාවෙන් පිටත්වෙයි

කල්පනා Friday, 20 August 2021 06:07 PM

මට පැරණි ගීතයක් මතක් වෙනවා. එයින් කියැවෙනවා කන්න.., අඳින්නත් පිටරටින් එනතුරු මුහුදට දත නියවන්නා කියලා.. අනේ, අපිට ගිය කලක් කියලා හිතන්නේ නැද්ද වියතුනේ..?

:       0       128

gamageFriday, 20 August 2021 07:33 PM

කන්න අඳින්න විතරක් නෙවෙයි, රාජ්‍ය නායකයාත් ඇමෙරිකාවෙන් ඇවිත් අපිව බේරගන්නකන් බලන් හිටපු රටක් මේක...

:       49       12

චමින්දSaturday, 21 August 2021 06:22 AM

රාජ්‍ය නායකයා පමණක් නොව මුදල් ඇමතිත් ඇමරිකාවෙන් ආනනයනය කල අයෙක්නේ.

:       0       0

arschfikaaFriday, 20 August 2021 10:49 PM

ඇත්ත කතාව ඉන්දියාවෙන් ෆිල්ම් එනකන් බලාහිටපු අයත් හිටියා ඒවා කොපි කරන්න.

:       0       0

sana Friday, 20 August 2021 06:16 PM

ඔක්සිජන් කන්නද අහපු ඇමැතිවරු ඉන්න රටක් බොලව් මේක... ජයවේවා සර්ට... සර් පාස් දැන්...

:       61       14

pakeer Friday, 20 August 2021 07:51 PM

නරකද ඔක්සිජන් ඇමැති කෙනෙක් පත්කළොත්?

:       45       6

අබිලින්Saturday, 21 August 2021 05:18 AM

බොහොම හොද අදහසක් ඒකත් ඔටුන්න හිමි සිහින කුමාරයාට දුන්නොත් වඩාත් හොදයි

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 247 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 178 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 986 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site