
( බී.ජී. චතුරංග )
මහනුවර යාපනය ඒ - නවය මාර්ගයේ, තිරප්පනය පොලිස් වසමේ ගල්කුලම ප්‍රදේශයේ කි.මී. 122 සහ 123ත් අතර ප්‍රදේශයේ මාර්ගයේ තිබු බරපතල තුවාල ලබා ජීවිතක්ෂයට පත්වූ පුද්ගලයෙකුගේ මළ සිරුරක් අද (23) සොයා ගත් බව තිරප්පනය පොලිසිය පවසයි.
මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ අනුරාධපුර, මිහින්තලේ, කෑදෑව ප්‍රදේශයේ පදිංචි බමුණු රත්න මුදියන්සේලාගේ සුරවීර නමැති 38 හැවිරිදි දෙදරු පියෙකු බවට හඳුනා ගෙන ඇති බව පොලිසිය කියයි.
මරණකරු මැල්සිරිපුර ප්‍රදේශයේ හෝටලයක සේවය කරන පුද්ගලයෙකු බවත්, ඔහු රාත්‍රියේ තම රැකියාව නිමවී නිවස බලා ගමන් කරමින් සිටියදී මෙම මෙම අනතුර සිදුවී ඇති බවට සැක කරන බව පොලිසිය කියයි.
මරණකරු, මාර්ගයේ ගමන් ගත් වාහනයක නැග ගමන් කිරීමේදී ඉන් ඇද වැටී ජීවිතක්ෂයට පත් වූයේද, නැති නම් පාරේ ගමන් වාහනයක ගැටී ජීවිතක්ෂයට පත් වූයේද යන්න දැන ගැනීම සඳහා වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක බව පොලිසිය කියයි.
2025 දෙසැම්බර් මස 18
587
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
291
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1090
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ඒ නවය මාර්ගයේ බරපතල තුවාල සහිත මළ සිරුරක්
Ruwan De Silva Tuesday, 23 July 2024 04:42 PM
යුක්තිය නාටකයේ අවසන් වෙන හැඩයි. මහා දවල් මිනිස්සු මරනවා ටීවි එකට ඇවිත් ලොකු කතා කියනවා. තාම ක්ලබ් වසන්තගේ වෙඩික්කරුවන් ඇල්ලුවාද?