(සුමිත් පොතුපිටිය සහ බිමල් ශ්‍යාමන් ජයසිංහ)
ඒ.ටි.එම් මැෂින්වලින් මුදල් සොරා ගැනීමක් සම්බන්ධයෙන් කළ පරීක්ෂණවලට අනුව මීගහතැන්න පොලිස් ස්ථානයේ පාලන අංශ ස්ථානාධිපති වරයා අත්අඩංගුවට ගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි .
හික්කඩුව,බද්දේගම,ගාල්ල සහ කරාපිටිය ප්‍රදේශයේ පිහිටි රාජ්‍ය බැංකු කිහිපයකින් එහි පද්ධතිය හැක්කර විදේශිකයන් දෙදෙනකු විශාල වශයෙන් මුදල් සොරා ගැනීම සම්බන්ධයෙන් කළ පරීක්ෂණවලදී සැකකාර ස්ථානාධිපති වරයා ඊට සම්බන්ධ බවට ලැබුණු තොරතුරු මත ඔහු අත්අඩංගුවට ගෙන ඇතැයි සඳහන් වේ.
අදාල පොලිස් පරීක්ෂකවරයා පිටිගල පොලිස් වසමේ අමුගොඩ ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන ඇතැයිද උසස් පොලිස් නිලධාරියෙක් කීය.
සැකකාර ස්ථානාධිපතිවරයාට අයත් මෝටර් රථයෙන් මුදල් සොරකම් කර ඇති ස්ථානවලට ගොස් ඇති බවට තොරතුරු ලැබී ඇතැයි ද සඳහන් වේ.

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.