IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


ඒ. ඊ ගුණසිංහයන්ගේ 128 වැනි ජන්ම දිනය සැමරේ

(නිමල කොඩිතුවක්කු)

හිටපු කම්කරු නායකයකු සහ කොළඹ හිටපු නගරාධිපතිවරයකු වන ඒ. ඊ ගුණසිංහ  මහතාගේ 128 වන ජන්ම දිනය  සහ ලංකා කම්කරු පක්ෂයේ මැයි දින සැමරුම පිටකොටුව ඒ. ඊ.  ගුණසිංහ ප‍්‍රතිමාව අභියසදී අද (1) පැවැත්විණි.

ප‍්‍රවාහන හා සිවිල් ගුවන් සේවා රාජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ මහතාගේ ප‍්‍රධානත්වයෙන් පැවති මෙම උත්සවය සඳහා ලංකා කම්කරු පක්ෂයේ නායක  හා ලංකා කම්කරු සමිති සභාපති විජිත කදිරගොන්න, කොළඹ නියෝජ්‍ය නගරාධිපති එම්. ටී. එම් ඉක්බාල්  යන මහත්වරුන් ඇතුළු පිරිසක් එක් වූහ.

එහිදී ඒ. ඊ.  ගුණසිංහ ප‍්‍රතිමාව වෙත මල් මාලා පැළඳවීම ලංකා කම්කරු පක්ෂයේ නායක  විජිත කදිරගොන්න, කොළඹ නියෝජ්‍ය නගරාධිපති එම්. ටී. එම් ඉක්බාල් යන මහත්වරුන් විසින් සිදු කළ අතර ප‍්‍රවාහන හා සිවිල් ගුවන් සේවා රාජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ මහතා ඇතුළු පිරිසක් පුෂ්පෝපහාර දැක්වූහ.

මෙම උත්සවයට සමගාමීව විවිධ රෝගා බාධවලින් පෙළෙන පුද්ගලයන් සඳහා මුදල් පරිත්‍යාග කිරීමක් ද සිදුකෙරිණි.

එහිදී අදහස් දැක්වූ ප‍්‍රවාහන හා සිවිල් ගුවන් සේවා රාජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ මහතා මෙසේ ද කීය.

 ‘‘ලෝක කම්කරු දිනය නිමිත්තෙන් ලංකාවේ කම්කරු දිනය නීතිගත කිරීමට  මූලිකත්වය දැරූ ඒ. ඊ.  ගුණසිංහ මහතා සිහිපත් කිරීමට අද අපි කටයුතු කළා. එතුමා මේ රට වෙනුවෙනුත් කම්කරුවන් වෙනුවෙනුත් විශාල සේවයක් ඉටුකළ විශිෂ්ට කම්කරු නායකයෙක්.

මේ රටේ ඛේදවාචකයක්  වෙච්ච අවස්ථාවක සියලුම මැයි රැළි තාවකාලිකව  නතර කරලා තියෙන අවස්ථාවක ඒ. ඊ.  ගුණසිංහ මහතාගේ ගුණ  සැමරීමට පියවර ගැනීම පිළිබඳ ලංකා කම්කරු පක්ෂයේ නායක  විජිත කදිරගොන්න මහතා ඇතුළු පිරිසට මම ස්තූතිවන්ත වෙනවා.

අපේ රටේ කම්කරු නායකයා වගේම මැයි දිනය  සැමරීමට මූලිකත්වය දුන් නායකයා  මෙන්ම මේ රටේ සර්වඡන ඡන්ද බලය ලබා දීමට මූලිකත්වය දුන් නායකයා විදියට ඒ. ඊ.  ගුණසිංහ මහතා විශාල සේවයක් අපේ රට වෙනුවෙන් සිදු කරලා තියෙනවා’’ යැයි ද ඔහු එහිදී පැවැසීය.

මෙම අවස්ථාව සඳහා ලංකා කම්කරු පක්ෂයේ නියෝජිතවරු ඇතුළු පිරිසක් එක් වූහ.

ඡායාරූප - ගයාන් අමරසේකර

 



අදහස් (0)

ඒ. ඊ ගුණසිංහයන්ගේ 128 වැනි ජන්ම දිනය සැමරේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 163 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 149 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 957 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site