
(අංජුල මහික වීරරත්න)
සෑම වසරකම දෙසැම්බර් පළමු වැනිදාට යෙදෙන 36 වන ඒඩ්ස් දින ජාතික සැමරුම් උත්සවය අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවියගේ හා සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ ගාලු මුවදොර ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.
“අයිතීන් සුරකිමු - ඒඩ්ස් නවතමු” යන්න තේමා කර ගනිමින් මෙවර සැමරුම් උළෙල සංවිධානය කර තිබිණි.
මෙම සැමරුම් උළෙලට සමගාමීව පාගමනක්, ඒඩ්ස් රෝගය පිළිබද දැනුවත් කිරීමේ වැඩසටහනක්, රෝගය පාලනය සහ ඊට අදාළව කටයුතු කරන පාර්ශවයන් සදහා ‘කොන්ඩම් ඩිස්පෙන්සර්ස්' බෙදා දීම මෙන්ම පාගමනේ ආරම්භය සංකේතවත් කරමින් ගෑස් බැලුන් උඩ යැවීමේ වැඩසටහනක්ද අග්‍රාමාත්‍යවරියගේ, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයාගේ සහ පැමිණ සිටි ආරාධිතයන්ගේ සහභාගීත්වයෙන් සිදුවිය.
ජනතාව ඇනුවත් කිරීමේ අරමුණින් ආරම්භ කල විශේෂ පාගමන ගොල්ෆේස් පිටිය, ගාලු පාර, කොල්ලුපිටිය, ලිබර්ටි වටරවුම, නගරශාලා වටරවුම, රෝහල් චතුරස්‍රය, අක්ෂි රෝහල, පසු කරමින් ද සේරම් පෙදෙස, ජාතික ලිංගාශ්‍රිත රෝග හා ඒඩ්ස් මර්ධන කාර්යාලය දක්වා ගමන් කරන කළේය.
මෙම පාගමන සදහා සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් වත්සලා ප්‍රියදර්ශනී, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන යන මහත්ම මහත්මීන් ඇතුලු සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරීහු පොලිස් සහ ත්‍රිවිධ හමුදා නිලධාරීහු, බන්ධනාගාර නිලධාරීහු, ඇතුලු ඒඩ්ස් රෝගය මර්දනය සම්බන්ධ පාර්ශ්ව රැසක් එක්ව සිටියහ.
2025 දෙසැම්බර් මස 18
626
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
302
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1102
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ඒඩ්ස් නවත්වන්න හරිනි-නලින්ද පා ගමනේ
චානිකා Sunday, 01 December 2024 01:05 PM
ඔහොම පාරේ ගියහම නවතියි... ඒඩ්ස්..
Ran ThaSunday, 01 December 2024 01:17 PM
දැනුවත් කිරීමක් කියලා නේද දාලා තිබ්බේ. එතුමියන්ට බෑ ඒඩ්ස් නවත්තන්න. ඒකට ඔබතුමීලා වගේ කට්ටිය සහයෝගය දෙන්න ඕනෑ. එක සහකරුවෙක් සමග පමණක් ලිංගිකව එකතු වීම. නැතිනම් කොන්ඩම් දැමීම අනිවාර්ය කිරීම...
මැක්ස් Sunday, 01 December 2024 01:53 PM
මීට පෙර පත්වූ සියලු පාලකයින් කළ විහිළු ඊටත් වඩා සද්දෙට කරන්න මාලිමාවෝ හපං වගේ...
Priyantha Dissanayake Sunday, 01 December 2024 02:01 PM
අනේ මන්දා මහත්මියණි, ඔබලාට අමතක වෙලා NPP ආණ්ඩුවක් තිබෙන්නේ එහි අගමැති, ඇමති අපි කියලා. රජයක් විදිහට ඔයිට වඩා ගොඩක් දේවල් කරන්න පුළුවන්..., පාසල් වියේ සිටම හොඳ සෞඛ්‍ය අධ්‍යාපනයක්, ධර්මය පිළිබඳව අවබෝධයක්, ශිෂ්ඨසම්පන්න භාවය පිළිබඳව වටිනාකම සදාචාර සම්පන්න, සිල්වත්, ගුණවත් සදාචාර සම්පන්න සමාජයක් බිහිකිරීම සඳහා ආණ්ඩුව ක්‍රමවත් වැඩපිළිවෙලක් සැකසිය යුතුයි. එවිට ඒඩ්ස් පමණක් නොව සමස්ථ සමාජයම යහපත්වෙනවා. රටම සුරක්ෂිත වෙනවා... සහ නිරාගමික සංකල්ප හෙලාදැක ඒවාට වැට බැඳිය යුතුයි...
Prasanna Sunday, 01 December 2024 03:30 PM
කොන්ඩම් සහ අළු කෙසෙල් නොමිලේ බෙදන්න ඕනෑ...