IMG-LOGO

2025 ජුලි මස 05 වන සෙනසුරාදා


එළවළු පැළත් ගණන් උස්සයි

(ඩයනා උදයංගනී)

වගා කිරීම සඳහා අවශ්‍ය එළවළු හා මිරිස් ආදී පැලවල මිල ගණන් ද මේ වන විට ඉහළ ගොස් ඇතැයි වාර්තා වේ.

විශේෂයෙන් කොළඹ ඇතුළු නගරබද ප්‍රදේශයන්හි මිරිස්, කොච්චි, තක්කාලි, ගෝවා, බටු ආදී පැලයක් රුපියල් 50ත් 100ත් අතර මිලකට ඉහළ ගොස් ඇත.

කොළඹ නගරයේ එළවළු පැල අලෙවි කරන ස්ථානයක මිරිස්, මාළු මිරිස්, වැරණිය මිරිස් වැනි පැලයක මිල රුපියල් 100ක් වන අතර, තක්කාලි පැලයක මිල රුපියල් 75ක් සහ කොල ගෝවා පැලයක මිල රුපියල් 80ක් විය.

ගම්පහ නගරයේ ද එළවළු පැල අලෙවි වන්නේ පැලයක් රුපියල් 60ක පමණ මිලකටය. බොරලැස්ගමුව ප්‍රදේශයේ පැල අලෙවිසැලක මිරිස්, තක්කාලි, මෑ, වම්බටු ආදී පැලයක් අලෙවි කරන්නේ රුපියල් 50ක මිලටය.

පිළියන්දල ප්‍රදේශයේ පැල තවානක කරපිංචා පැලයක් රුපියල් 150ක්, අතුගෝවා, චෙරි තක්කාලි ආදී පැලයක් රුපියල් 100ක්, ඩුබායි වට්ටක්කා පැලයක් රුපියල් 60ක්, කරවිල, මෑ, මාලුමිරිස්, දඹල, වම්බටු පැලයක් රුපියල් 45ක් සහ මිරිස් පැලයක් රුපියල් 40 ක් යන මිල ගණන්වලට අලෙවි කෙරේ.

කෑගල්ලේ පැල තවානකින් අප කළ විමසීමකදී පැවසුවේ මෙම පැලයක් අලෙවි කරන්නේ රුපියල් 35ක මිලකට බවයි.

මේ දිනවල නගරබද පදිංචි පිරිස් ද තම නිවෙස්වල පවතින ඉඩෙහි හෝ වගා කටයුතුවලට යොමුවීම හේතුවෙන් පැල වර්ගවල ඉල්ලුම ඉහළයාමෙන් මෙම තත්වය ඇතිව තිබෙන බව පැල තවාන්කරුවෝ පවසති.

නගරයෙන් බැහැරව වගා කටයුතු බහුලව සිදුකෙරෙන ප්‍රදේශවල එළවළු පැල වර්ගවල මිල තරමක් අඩු වන අතර, කුරුණෑගල, කොබෙයිගනේ සහ වත්තල ප්‍රදේශයේ පැල තවාන් දෙකකින් අප කළ විමසීමේදී ඔවුන් පැවසුවේ තමන් පැලයක් රුපියල් 10ත් 25ත් අතර මිල ගණන්වලට අලෙවි කරන බවයි.

කොබෙයිගනේ පිහිටි පැල තවානේ එළවළු පැලයක් රුපියල් 12ත් 22ත් අතර මිල ගණන්වලට අලෙවි කෙරෙන අතර, වත්තල පැල තවානේ පැල 10ක මිල රුපියල් 150කි.

වෙනදා රුපියල් 50 ක පමණ මිලකට මිරිස්, එළවළු පැල 10ක, 15ක පමණ එකතුවක් මිලට ගත හැකි වූ අතර, මේ වන විට පැලයක් මිලදී ගැනීමට රුපියල් 100ක් පමණ අවශ්‍ය වී ඇති බව ගෙවතුවල වගාකරගැනීම සඳහා පැල මිලදී ගන්නා පිරිස් පවසති.

ඇතැම් පැල සිටුවීමෙන් පසු මියයන නිසා හා පොහොර මිල ගණන් ද ඉහළ ගොස් ඇති නිසා මේ වන විට ගෙවතුවල වගා කිරීමද පහසු දෙයක් නොවන බව ඔවුහු සඳහන් කරති.

 



අදහස් (0)

එළවළු පැළත් ගණන් උස්සයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 44 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 417 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 863 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site