( බිමල් ශ්‍යාමන් ජයසිංහ )
දක්ෂිණ අධිවේගී මාර්ගයේ වැලි පැන්න පිවිසුම සහ කුරුගහ ඳුහැතැක්ම පිවිසුම අතර කිලෝමීටර් 53 දශම 3 දි අද (4) අලුයම එලවලු පටවා ගත් ලොරි දෙකක් එකිනෙක ගැටී සිදු වූ අනතුර හේතුවෙන් මාර්ගය සම්පූර්ණයෙන් අවහිර වී පැයකට ආසන්න කාලයක් මාර්ගය තාවකාලිකව වසා දැමීමට සිදුවූ බව මාර්ග සංවර්ධන අධිකාරිය කියයි.
සිදුවූ අනතුරින් එක් පුද්ගලයෙකු තුවාල ලබා නාගොඩ රෝහලට ඇතුළත් කර ඇතැයි පොලිසියේ සඳහන්කරයි.
මාතර දෙස සිට එළවළු පටවා ගත් ලොරි දෙකක් කොළඹ දෙසට ධාවනය වීමේදී ඉදිරියෙන් ගමන් ගත් ලොරියට පිටුපසින් පැමිණි බහලුම් පෙට්ටියක් සවිකළ රථය ඉස්සර කිරීමට යාමේදී එකිනෙක ගැටී ඉදිරියෙන් ගමන් ගත් එළවළු රථය මාර්ගයේ පෙරලීමෙන් මෙම අනතුර වී සිදු වූ බව පොලිසිය කියයි.
මෙම අනතුරත් සමගම කොළඹ දෙසට මාර්ගය සම්පූර්ණයෙන්ම වැසී ගිය අතර මාතර දෙස සිට කොළඹ කරා යන වාහන කුරුඳු ගහ හැතැක්ම පිවිසුමෙන් පිට කර සාමාන්‍ය මාර්ගය හරහා යළි වැලිපැන්න පිවිසුමටපැමිණ අධිවේගී මාර්ගයට පිවිස ධාවනය කිරීමට උපදෙස් ලබා දුන් බව පොලිස් නිලධාරියෙක් කීය.
NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.
ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
එළවලු ලොරි පෙරැළි අධිවේගය අවහිර වෙයි
ගුණරත්න Wednesday, 04 December 2024 10:50 AM
මාර්ග නීති තඹයකට ගණන් ගන්නේ නැති මොට්ට රියදුරෝ මේක ඔටෝ බාන් එක කියල හිතාගෙන පදවන්න ගත්තාම ඔහොම තමයි වෙන්නේ. පාරක් තියෙන්නේ ගමනක් යන්න මිසක් ආතල් ගන්න නෙවෙයි, මාර්ග නීතියක් තියෙන්නේ පාරක ආරක්‍ෂිතව ගමන් කරන්න මිසක් අපට කරදර කරන්න නෙවෙයි.