IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


එළවලු තොග මිල පහළට

(කාංචන කුමාර ආරියදාස)

 ඉකුත් දින කිහිපයට සාපේක්ෂව අද(03 )  දඹුල්ල විශේෂිත ආර්ථික මධ්‍යස්ථානයේ බෝංචි හැර අනෙකුත් එළවළු වර්ග වල තොග මිල පහත වැටී ඇතැයි ආර්ථික මධ්‍යස්ථාන වෙළඳ සංගමයේ නියෝජිතයෝ පවසති.

ඒ අනුව දඹුල්ල ආර්ථික වෙළඳ මධ්‍යස්ථානය තුළ අද(03 ) උදෑසන බෝංචි කිලෝවක තොග මිල රුපියල් 650 ත් 700 ත් අතර ඉහළ අගයකට අලෙවි වූ බව වෙළෙන්දෝ පෙන්වා දෙති.

එමෙන්ම මෙදින බෝංචි වෙළඳපළට ලැබීම ඉතාමත් සීමිත ප්‍රමාණයක් වීම නිසාවෙන් මිල ඉහළ යෑම සිදුවන බවත් එළවළු බහුතරයක ගුණාත්මක තත්වය  පහළ වැටීම නිසා අනෙකුත් එළවළු මිල පහත වැටීම සිදුවන බව ඔවුහු අවධාරණය කරති.

ඉකුත් දිනවලින් ඉහල මිල ගණන් ද යටතේ අලෙවි වූ අමුමිරිස් කිලෝව මෙදින රුපියල් 150 ක් 200 ත් අතර පහත වැටී තිබිණිි. රුපියල් 300ක් 350කට අලෙවි වූ තක්කාලි කිලෝ එක මෙදින අලෙවි වූයේ රුපියල් 150ත් 200 ත්   වැනි මිලකට ත්  වට්ටක්කා කිලෝව රුපියල් අනුවත් සීයක් අතර මිලකට අලෙවි වෙයි

විශේෂයෙන් කන්ද උඩරට ප්‍රදේශවලින් ලැබෙන කැරට් කිලෝවක් 03 දින දහවල් වන විට රුපියල් හැටේ සිට රුපියල් සියය දක්වා වූ මිල ගණන් යටතේ අලෙවිවීම විශේෂත්වයකි

ඒ අනුව ලීක්ස්  කිලෝවක්ද රුපියල් සියයත් එකසිය විස්සත් අතර මිලකට අලෙවි විය. කන්ද උඩරට ප්‍රදේශවලින් මෙන්ම පහත රට ප්‍රදේශ වලින් ලැබෙන එළවළු තොග මිලද පහත වැටී ඇතැයි ව්‍යාපාරිකයෝ පෙන්වා දෙති.

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය තුළ පොල් ගෙඩියක තොග මිල රුපියල් 150කට අලෙවිවනු දැක ගැනීමට හැකි විය එම පොල් සිල්ලර වෙළඳපොලේ එක ගෙඩියක් රුපියල් 180කට අලෙවිවීම විශේෂත්වයකි

එළවළු සිල්ලර මිල සීග්‍රයෙන් ඉහළ යෑමට ප්‍රධානතම හේතුව බවට පත්ව ඇත්තේ තොග මිලදී ගත්තද ඒවා වැස්ස සමග විනාස වීම නිසා  විශාල වශයෙන්ම ඉවත් කිරීමට සිදුවීම නිසාවෙන් බව සිල්වර වෙළෙන්දෝ පෙන්වා දෙති.

දඹුල්ල ආර්ථික මධ්යස්ථානයේ  අද(03) එළවළු කිලෝවක පැවති තොග මිල   මෙසේය

බෝංචි 650  ත් 700

  ලීක්ස් 100ත් 140

 කැරට්   60 ත්  100

ගෝවා  40 ත් 100

තක්කාලී  180. 200 

රාබු  30 ත් 60

නො කෝල් 280.ත් 300

කැකිරී  50 ත් 60

  පිපිඤ්ඤා   80ත් 100

වැටකොලු    160 ත් 240  

බණ්ඩක්කා  50 ත් 60

පතෝල 150 ත් 160

 වම්බටු   150 ත් 200

අමු මිරිස් 150ත් 200

මැකරල් 30ත් 50

මාළු මිරිස්  300 ත් 350 

 



අදහස් (0)

එළවලු තොග මිල පහළට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 623 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 302 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1102 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site