(සුජිත් හේවාජුලිගේ)
ඇඹිලිපිටිය ඒස් පවර් නමැති පෞද්ගලික විදුලි බලාගාරයෙන් විදුලිය මිලදී ගැනීමට නව ගිවිසුම සකස් කිරීමේදී මිල ගණන් තීරණය කිරීම සිදු වන්නේ කෙසේදැයි කෝප් කමිටුව විමසූ අවස්ථාවේදී විදුලි බලමණ්ඩලයේ නිලධාරීන් නිරුත්තර වී ඇතැයි වාර්තා වේ.
මෙම බලාගාරයෙන් විදුලිය මිලදී ගැනීමේදී නව ගිවිසුම් වලට එළඹීම පිළිබඳව කෝප් කමිටු සභාපතිවරයා විදුලිබල මණ්ඩලයේ ප්‍රධානීන්ගෙන් දිගින් දිගටම ප්‍රශ්න කළේය. එහෙත් නිලධාරීන්ට ඒ සම්බන්ධයෙන් පැහැදිලි උත්තරයක් ලබා දීමට එහිදී නොහැකි වුණු බව කෝප් කමිටුව පවසයි.
මේ අනුව මේ සම්බන්ධයෙන් මසක් ඇතුළත වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස කෝප් කමිටුවේ සභාපති මහාචාර්ය චරිත හේරත් මහතා විදුලිබල මණ්ඩලයට නිර්දේශ කළේය.
විදුලිබල මණ්ඩලයේ කාර්ය සාධනය විමසීම සඳහා එහි ප්‍රධානීහු කෝප් කමිටුව හමුවට පසුගියදා කැඳවනු ලැබූහ.
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
සීඝ‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P
එස් පවර් ගැන අහද්දි විදුලි ලොක්කෝ ගොළුවෙති
ravin Tuesday, 14 June 2022 01:41 PM
උත්තරේ දෙන්න ගියොත් වැඩ ගොඩයි. කාක්කෝ ටික ඇවිස්සෙනවා. කපුටු කරච්චලේ කණක් ඇහිලා ඉන්න බැරිවෙනවා. අල්ලගන්න අතුත් මදිවෙනවා.
darma Tuesday, 14 June 2022 03:34 PM
විදුලිබල මණ්ඩලේ ඉන්නේ නිකං හොරු නෙමෙයි රටට හෙන ගහපු වෙලාවේත් හූරාගෙන කන කපුටන්. අම්මා පණ අදිද්දීත් රීරිමාන්සේ උරාබොනවා වගෙයි.
mahee Tuesday, 14 June 2022 05:50 PM
දවස් 2යි වැඩ 2යි. කැඩිච්ච ජෙනරේටර් කෝටි 310ක් ගත්තා. ඊළඟට 2015 ඉඳලා අවුරුදු 7ක් වැඩිපුර දැවැන්ත සල්ලියක් එස් පවර්ලාට දුන්නා. තව කොච්චර කුණු ඇතිද? කොහොමට ඇතිද විදුලි ඉංජිනේරුවන්ගේ කොමිස් ගැහිල්ල... දැන් තේරෙන්නේ අදානි එපා කියලා ස්ට්‍රයික් කරන්න හේතුව...!