(ඉන්දිකා රාමනායක)
විශේෂ කාර්ය බලකායේ භට පිරිසක් බවට පෙනීසිටිමින් පුද්ගලයකුට මාංචු දමා පහර දී ඔහු සතුව තිබූ රුපියල් ලක්ෂ 2 1/2 ට ආසන්න මුදලක් කොල්ලකෑ සැකකරුවන් සිව්දෙනෙකු විශේෂ කාර්ය බලකායේ සංවිධානාත්මක අපරාධ මර්දන ඒකකය මගින් මුල්ලේරියාව ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇත .
මෙම සැකකරුවන් සම්බන්ධයෙන් ලැබුණු තොරතුරකට අනුව මොවුන් පිරිස අත්අඩංගුවට ගත් බව විශේෂ කාර්ය බලකාය පවසයි.
ඔවුන් ගමන්ගත් ගමන් ගත් වෑන් රථයක් සහ යතුරු පැදියක් ද විශේෂ කාර්ය බලකාය බාරයට ගෙන ඇත .
සැකකරුවන් විසින් පුද්ගලයකුට මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරන බවට පවසා අත්අඩංගුවට ගෙන මාංචු දමා පහර දී මෙම කොල්ලකෑම සිදුකර ඇති බවට තොරතුරු ලැබී ඇතැයිද විශේෂ කාර්ය බලකාය පවසයි.
අත්අඩංගුවට ගත් සැකකරුවන් කඩුවෙල, මාකොල, වැලිපැන්න , යන ප්‍රදේශවල පදිංචිකරුවන් බව ද විශේෂ කාර්ය බලකාය කියයි .
අත්අඩංගුවට ගත් සැකකරුවන් වැඩිදුර පරීක්ෂණ සඳහා මුල්ලේරියාව පොලිසියට භාර දී ඇත .
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
එස්.ටී.එෆ් යැයි පවසා අයෙක් කොල්ලකෑ 4ක් එස්.ටී.එෆ් දැලේ