IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


එවන ඩොලර් මත තීරු බදු සහන ඉහළට

(යොහාන් භාසුර)

විදේශගත ශ්‍රී ලාංකිකයන් නැවත මෙරටට පැමිණෙන විට ගුවන්තොටුපළෙන් මිලදී ගන්නා තීරු බදු රහිත භාණ්ඩ සඳහා සීමාව ඔවුන් විදේශගතව සිටියදී මෙරටට එවූ මුදල් ප්‍රමාණය මත තීරණය කරන බව කම්කරු හා විදේශ රැක්යා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා පැවසීය.

නව තීරු බදු රහිත ඩොලර් සීමාව මැයි මස 1 වැනිදා සිට ක්‍රියාත්මක වන බව කී අමාත්‍යවරයා මෙරටට එවූ මුදල් ප්‍රමාණය අනුව වැඩි තීරු බදු සහනයක් හිමිවන බව ද සඳහන් කළේය.

ඒ අනුව ඩොලර් 2,400 ත් 4,799 අතර මුදලක් එවා ඇත්නම් ඩොලර් 600 ක ද, ඩොලර් 4,800 ත් 7,199 අතර මුදලක් එවා ඇත්නම් ඩොලර් 960 ක ද, ඩොලර් 7,200 ත් 11,999 අතර මුදලක් එවා ඇත්නම් ඩොලර් 1,440 ක ද, ඩොලර් 12,000 ත් 23,999 අතර මුදලක් එවා ඇත්නම් ඩොලර් 2,400 ක ද, ඩොලර් 24,000 ක් හෝ ඊට වැඩියෙන් එවා ඇත්නම් ඩොලර් 4,800 ක ද, අමතර තීරු බදු සහනයක් හිමිවන බව ද අමාත්‍යවරයා කීය.

පසුගිය වසරේ (2022) මැයි මස 1 වැනිදා සිට නීතියානුකූල මාර්ගවලින් මෙරටට එවූ මුදල් මෙම දීමනාව සඳහා වලංගු බව ද අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා වැඩි දුරටත් පැවසීය.



අදහස් (5)

එවන ඩොලර් මත තීරු බදු සහන ඉහළට

මංගල Tuesday, 04 April 2023 02:03 PM

එතකොට කලින් දුන්න මාස හෝ අවුරුදු ගානක් ඉඳලා එනකොට දුන්න දීමනාව? අනේ මෙහෙමත් දේශපාලුවෝ කරන දෙයක් හරියට කරගන්න බැරි අපතයෝ. කාලීන දීමනාව එහෙමම තියෙද්දී ඉට අමතරව රටට එවන ඩොලර් ප්‍රමාණය අනුව එම දීමනාව වැඩි කලා නම් නේද හරි. මෙහෙම ගොන් සෙට් එකක් රට කරන කොට ඔහොමවත් ඉතුරු වෙලා තියෙනවා ඇති. අනිත් කාරනේ තමයි තීරුබදු සහන වලට කාර් ගෙන්නන්න දුන්නේ කලින් රජයේ නීළධාරින්ට දොස්තරලාට, ඒ අය ඩොලර් උපුලා රටට එවන්න ඇති නේද.

:       3       3

Senarath Tuesday, 04 April 2023 02:19 PM

අමතිතුමා, අපි වසරකට කිහිප සැරයක් ලංකාවට එන නිසා අපේ තීරුබදු සහන සීමාව කිසිම දවසක ඩොලර් 500 ට වඩා වැඩි වෙන්නෙ නැහැ. එ නිසා එන වාර ගනන නොසලකා වසරකට දෙන තීරුබදු සහන සීමාව සියල්ලටම එකසේ දෙන්නත් කටයුතු කරන්න.. රටට එවන මුදල්වලට දෙන මෙ සහනය අපි ඉතා අගයකොට සලකනව.

:       0       0

tin tin Tuesday, 04 April 2023 03:03 PM

මෙය තමඉ පුන්චි බන්නෙර් එකක් ඇඉර්පොර්ට් එකෙ ගහල VIP DOOR OF HOPE කියල මිනිස්සුන් ව ඇන්වෙ.

:       1       6

Sanath Dubai Tuesday, 04 April 2023 04:35 PM

දුප්පත් ගෘහසේවිකාවන්

:       1       3

Shiromi Hettiaratchi Tuesday, 04 April 2023 10:35 PM

කොහොමද සල්ලි එව්ව බව පෙන්වන්නේ .. ලියාපදිංචි වෙන්න website එකක් තියෙනවා ද

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 468 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 251 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1042 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site