IMG-LOGO

එලවළු, පොල්, තේ , කුරුඳු පොහොර මිල පහළට

(අංජුල මහික වීරරත්න)

එළවළු, පොල්, තේ හා කුරුඳු ඇතුළු අනෙකුත් බෝග සඳහා යොදන මිශ්‍ර පොහොර මිල ගණන්  සියයට 50කින් පහළ ගොස් ඇති බව කොමර්ෂල් පොහොර සමාගමේ සභාපති ආචාර්ය ජගත් පෙරේරා මහතා  කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතාට අද(28) දැනුම් දුන්නේය.

වී හා බඩ ඉරිඟු වගාවන් සඳහා රජයේ පොහොර වැඩ සටහන යටතේ රසායනික පොහොර ලබා දුන්නද, අනෙකුත්  බෝග සඳහා යොදන පොහොර නොමැතිවීම සම්බන්ධයෙන් නිරන්තරයෙන් ගොවීන්  කෘෂිකර්ම අමාත්‍යාංශයට පැමිණිලි කර තිබිණි.

එම කාරණය සැලකිල්ලට ගනිමින් වී හා බඩඉරිඟු හැර අනෙකුත් බෝග සඳහා භාවිතා කළ හැකි මිශ්‍ර පොහොරක් සකස් කරන ලෙස කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා රජයේ  පොහොර සමාගම් දෙකේ සභාපතිවරුන්ට උපදෙස් දුන්නේය.

ඒ අනුව දැනට වෙළෙද පොලේ අලෙවි කෙරෙන මිශ්‍ර පොහොර මිල ගණන්වලට වඩා විශාල අඩු මුදලකට ගුණාත්මක බවින් ඉහළ නව මිශ්‍ර පොහොර වර්ග කිහිපයක් ලංකා පොහොර සමාගම හා කොමර්ෂල් පොහොර සමාගම විසින් හඳුන්වා දුන් බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි.

මෙම හේතුව නිසා වෙළෙද පොලේ මිශ්‍ර පොහොර මිල  සියයට 50කින් පහළ ගොස් ඇතැයි අමාත්‍යාංශය පවසයි.

 

 

 



අදහස් (2)

එලවළු, පොල්, තේ , කුරුඳු පොහොර මිල පහළට

de silva Tuesday, 28 March 2023 01:49 PM

වගාවන් වලට පොහොර දමන්න ඉස්සරවෙලා පස් සාම්පල් පරික්ශාකර අවශ්‍ය ප්‍රමානයට සංගටක මිශ්‍ර කර පසට යෙදීම මගින් , හොන්ද අස්වැන්නක් ලබාගැනිම, පොහොරවලට යන විශාල මුදලක් ඉතුරු කරගනිම සහ පරිසරය ආරක්ශාවිමද සිද වෙනව, ගොවිජන සේා මද්‍යස්තානවල සිටින කෘෂි නිලධාරින් මෙ ගැන හොදින් දන්න නමුත් මෙවනි වියාපෘති ක්‍රියත්මක කරන්න ඔවුන්ට කිසිම අවශ්යතාවයක් නැහැ, විශල නිලදාරින් ප්‍රමානයක් නිකරුනේ කාලය ගත කරනව,

:       1       4

Bamunuarachchi Tuesday, 28 March 2023 03:52 PM

ජෙප්පන්ට මාර ජුවල් ඇති.

:       1       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 231 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 754 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 1174 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site