IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


එරෝෆ්ලෝට් ලබන 9 වැනි දා සිට යළි වැඩ

(නිමල කොඩිතුවක්කු)

රුසියානු රජය සහ ශ්‍රී ලංකාව අතර පවතින රාජ්‍ය තාන්ත්‍රික මිත්‍රත්වයේ ප්‍රතිථලයක් ලෙස එරෝෆ්ලෝට් ගුවන්සේවාවන් ඔක්තෝබර් මස 09දා සිට යලිත් මෙහෙයුම් කටයුතු ආරම්භ කිරිමට තීරණය කර ඇත.

එරෝෆොල්ට් ගුවන්යානා ශ්‍රී ලංකාවට පැමිණීම නැවත ආරම්භ කරන ලෙස සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා රුසියාවේ ප්‍රවාහන අමාත්‍යාංශයේ ෆෙඩරල් ගුවන් ප්‍රවාහන ඒජන්සිය වෙත කරන ලද ඉල්ලීම සලකා බලා මෙම ගුවන් මෙහෙයුම් කටයුතු ආරම්භ කර තිබේ.

එම ගුවන්යානා ලංකාවට පැමිණීම සඳහා ශ්‍රී ලංකාවේ ගුවන් සේවාවට අදාල ආයතන මගින් ගුවන්යානා ඉන්ධන නොනවත්වා සැපයීමට පියවර ගත යුතු බවට වන කොන්දේසියක් ඉදිරිපත් කර ඇති බවත් වරාය නාවික හා ගුවන් සේවා අමාත්‍යාංශය සඳහන් කරයි.

ඒ පිළිබඳ එකඟතාවය පළ කොට එකී එකඟතාව අනුව කටයුතු කිරීමට අපොහොසත් වුවහොත් එවැනි අවස්ථාවක දි ඉන්ධන ලබා ගැනීම සඳහා වෙනත් ගමනාන්තයකට යාමට වැයවන මුදල ශ්‍රී ලංකා රජය මගින් ගෙවිය යුතු බවත් සමාගම අවධාරණය කර තිබේ.

 



අදහස් (0)

එරෝෆ්ලෝට් ලබන 9 වැනි දා සිට යළි වැඩ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 345 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 213 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1005 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site