කළාපයේ දැවැන්තම වෙළෙඳ ප්‍රදර්ශනයක් වන 2020 ඩුබායි Expo වෙළෙඳ ප්‍රදර්ශනයේ ප්‍රමුඛතම පාර්ශ්වකරුවා සහ නිල ගුවන් සමාගම ලෙස එමිරේට්ස් මෙම ප්‍රදර්ශනය නැරඹීමට සමාගමේ ගුවන් මගීන්ට සුවිශේෂී ප්‍රතිලාභයක් ඉදිරිපත් කර තිබේ.
මේ අනුව, මෙම වැඩසටහන පැවැත්වෙන 2021 ඔක්තෝම්බර් 01 වැනිදා සිට 2022 මාර්තු 31 ක දක්වා කාල සීමාව තුළදී ඕනෑම අවස්ථාවක ඩුබායි වෙත පැමිණෙන සහ ඩුබායි හරහා ගමන් කරන එමිරේට්ස් මගීන්ට ඔවුන්ගේ සියලුම ගුවන් ටිකට්පත් වලට නොමිලේ Emirates Expo Day Pass එකක් ලබාදීමට ගුවන් සමාගම කටයුතු කර ඇතැයි එම සමාගම සඳහන් කරයි.
එමිරේට්ස් සඳහන් කරන්නේ 2021 ඔක්තෝම්බර් 01 වැනිදා සිට 2022 මාර්තු 31 වැනිදා දක්වා ඩුබායි වෙත හෝ ඩුබායි හරහා ගමන් කරන සියලුම එමිරේට්ස් ගුවන් මගීන්ගේ ටිකට් පත් සඳහා මෙම විශේෂ දීමනාව ලබාදෙන බවයි. මීට අමතරව, එක්සත් අරාබි එමීර් රාජ්‍යයට පිටත සිට පැමිණෙන එක් දිශාවකට පමණක් ගමන් කරන ගුවන් මගීන් ඩුබායි වෙත පැමිණීමේදී හෝ ඩුබායි හි අවම රැඳී සිටීමේ කාලය සම්පූර්ණ කරමින් වෙනත් ගමනාන්ත වෙත ගමන් කිරීමේදී ත්‍යාගයක් ලෙස Expo Day Pass එකක් ප්‍රදානය කිරීමටද එමිරේට්ස් කටයුතු කර තිබේ.
මොරටුව විශ්වවිද්‍යාලයේ සිසුන් විසින් නිර්මාණය කර තිබෙන අතර ජාලය තේමාවෙන් යුක්ත මණ්ඩපයක් මෙම ප්‍රදර්ශන 'Opportunity' දිස්ත්‍රික්කයේ පිහිටුවා තිබේ. මේ තුළින් ශ්‍රී ලංකාවේ බොහෝ අංශවල තිබෙන යහපිළිවෙත් ප්‍රදර්ශනය කිරීමට සැලසුම් කර ඇත. තේ දල්ලේ සිට කෝප්පය දක්වා තේ නිෂ්පාදනය කිරීමේ ‘තේ අත්දැකීම’, සංස්කෘතිය සහ උරුමය පදනම් කරගත් සංචාරක ආකර්ශනය දිනාගත් මාතෘකා මෙන්ම සුරක්ෂිත පරිසර පද්ධතීන්, අධ්‍යාත්මික ශක්තීන් ඇතුළු මෙරට බොහෝ වටිනා දේ මෙහි ප්‍රදර්ශනය කිරීමට සැලසුම් කර තිබේ.
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
එමිරේට්ස් මගීන්ට නොමිලේ Expo ප්‍රදර්ශනය නරඹන්න අවස්ථාවක්