
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
"එනවා ගහනවා යනවා. රටේ අද මිනීමැරුම් රජවෙලා" යැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ පැවසීය.
ඔහු මෙසේ පැවසුවේ සභාවේ කටයුතු ආරම්භයේදී විශේෂ ප්‍රකාශයක් කරමිනි.
විපක්ෂ නායකවරයා මෙසේද සඳහන් කළේය.
අද රටේ ආරක්ෂාව ගැන ගැටළුවක් තියෙනවා.
එනවා ගහනවා යනවා. පුදුම මිනීමැරුම් සිද්ධ වෙන්නේ. මම නම් මේ කාරණය ගැන කතා කරන්න බය වෙන්නේ නැහැ. මේව කතා කරන්න ඕන. ජනතාවගේ සුරක්ෂිත භාවය තහවුරු කිරීම පවතින රජයේ වගකීමක්. මේක බරපතළ ප්‍රශ්නයක් මොකක්ද ඔබතුමාලා මේකට දෙන විසඳුම. මම මේක අහන්නේ දේශපාලනය කරන්න නෙවෙයි. සමාජයේ නීතිය සාමය සුරක්ෂිත කළ යුතුයි. ප්‍රචණ්ඩත්වය තුරන් කරන්න අපිත් අපේ සහය දෙනවා. මහජනතාවගේ ආරක්ෂාව සඳහා දැවැන්ත වැඩසටහනක් ක්‍රියාත්මක වෙන්න ඕන.
2025 දෙසැම්බර් මස 18
571
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
284
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1085
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
’’එනවා ගහනවා යනවා: රටේ අද මිනීමැරුම් රජවෙලා’’
m. saman perera Thursday, 11 July 2024 11:47 AM
ඔයාලා බලයට ආවොත් ඔච්චර තමයි රට විනාශයි
පිටිගල මිලානෝ Thursday, 11 July 2024 12:42 PM
ඔව් ඉතිං තාත්තට, කුරේ අංකල්ලාට, ඇලෝසියස්ලාට පිංසිද්ධ වෙන්න ඒ ජඩ කම් නම් දියුණුවෙන් දියුණුවට පත්වෙලා….
sam Thursday, 11 July 2024 12:50 PM
දැන් ඉන්න පොලිස්පති මේ රටේ ඉහලම අධිකරණයෙන් මානව හිමිකම් කඩ කිරීම සම්බන්ධයෙන් වැරදි කරු කොට අච්චු ලැබූවෙක් . පොලිස් ඇමති කියන්නේ රාඩා ආයතනය හරහා කොටින්ට සල්ලි දුන්නු බව තමන් විසින්ම ප්‍රකාශ කල, නීතිය රජයන රටක නම් හිරගෙදර සිටිය යුත්තෙක්. ඊයේ පෙරේදා පොලිසියේ ලොක්කෝ රොත්තක් මිනීමැරුම් සිද්ධියක කට උත්තර ගන්න අවස්තාව මාධ්‍ය මගින් ප්‍රසිද්ධ වෙන්න ඉඩ ලබා දුන්නා. එහි ප්‍රතිඵල ඒ නඩුව විභාග කරන විට දැනගන්න ලැබේවි. පොලිස් ඇමති, පොලිස්පති වැනි තනතුරු වල සිට පහල තනතුරු දක්වාම දූෂිතයන් ඉන්න කොට චිකාගෝ පන්නයේ අපරාධ සිදු වෙන එක පුදුමයක් නොවෙයි.