IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


එන්ගලන්තයේ සිට ඇවිත් යාපනයෙන් අවසන් ගමන් යයි

(  සිතුම් චතුරංග)

යාපනය ,වඩමාරච්චි නැගෙනහිර මුහුදේ දියනාමින් සිටි වයස අවුරුදු හයක දරුවකු මුහුදේ ගිලී මියගොස් ඇතැයි මරදන්කේණි පොලිසිය කියයි.

ජීවිතක්ෂයටපත් දරුවා එංගලන්තයේ ලන්ඩන් හි පදිංචිකරුවකුවන අතර ඔහු සිය මව සහ පියා සමඟ ඥාතියකුගේ මළගෙදරකට සහභාගී වීම සඳහා පසුගියදා මෙරටට පැමිණ ඇති බව පොලිසිය පැවසීය.

මව සහ පියා දරුවා ඥාතියකුගේ නිවසෙහි  නතරකර මළගෙදරට සහභාගීවිම සඳහා පිටත්වගොස් ඇති අතර  එහිදී මෙම අනතුර සිදුව ඇති බව පොලිසිය පැවසීය.

එලෙස මුහුදේ ගිලී ජීවිතක්ෂයටපත්ව ඇත්තේ එංගලන්තයේ ,ලන්ඩන් නුවර පදිංචි පුදුකරන් ආරිෂ් නැමති වයස අවුරුදු හයක පිරිමි දරුවකුවේ.

පොලිසිය පැවසූයේ දරුවා සිටි ඥාති නිවස මුහුද අද්දර පිහිටා ඇති බවත් දරුවා කිසිවෙකුට නොපවසා මුහුදට දියනෑම සඳහා බැස ඇති බවත්ය.

මුහුදේ ඇති රළු ස්භාවය හේතුවෙන් දරුවා මුහුදේ ගසාගෙන ගොස් ඇතිඅතර ප්‍රදේශවාසීන් මැදිහත්ව දරුවා බේරාගෙන යාපනය මරදන්කේණි රෝහල වෙත ඇතුලත් කිරීමේදී මියගොස් ඇති බවත් පැවසීය.

         

 



අදහස් (0)

එන්ගලන්තයේ සිට ඇවිත් යාපනයෙන් අවසන් ගමන් යයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 490 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 259 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1054 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site