(ටී.කේ.ජී.කපිල)
මෙරට තරුණයන්ට ජපානයේ ජපන් රැකියා සඳහා පුහුණු කිරීමට ජපානයේ විශේෂ දූත පරිසක් ලංකාවට පැමිණියහ.
ආහාර නිෂ්පාදන පිළිබඳව නොමිලේ පාඨමාලාවක පුහුණුව ලබා දීමෙන් අනතුරුව, ලොව පුරා රටවල් වෙත රැකියා සදහා යොමු කිරීමේ වැඩසටහනක් මෙමගින් ක්‍රියාත්මක වෙයි.
ඔවුන් ශ්‍රී ලංකාවේ ජපාන තානාපතිවරයාගේ මැදිහත් වීම සහ ජපානයේ වැඩ වාසය කරන ආචාර්ය සුදුහුම්පොළ විමලසාර හිමියන්ගේ සම්බන්ධීකරණය සහ අනුග්‍රාහක දායකත්වය මත මෙම වැඩසටහන ක්‍රියාත්මක වේ .
දැනටමත් මෙම වැඩසටහන සදහා කොළඹ , කුරුණෑගල , ගාල්ල සහ රත්නපුර යන ප්‍රදේශ වල ශ්‍රී ලාංකික තරුණයන් පිරිසක් මෙම නොමිලේ පවත්වනු ලබන පාඨමාලාව සදහා පුහුණු වීම් වල නිරත වී සිටිති .
මෙසේ ශ්‍රී ලංකාවට පැමිණි ජපාන දූත පිරිස , මෙම පුහුණු මධ්‍යස්ථාන , ඔවුන් ශ්‍රී ලංකාවේ ගත කරන දින 06 ක කාළය තුළ , අධීක්ෂණය කිරීමට නියමිතය .
ශ්‍රී ලංකාවේ පැවැත්වෙන මෙම පුහුණු මධ්‍යස්ථාන තුළින් තරග විභාගයක් පවත්වා , එයින් තෝරා ගත් ශ්‍රී ලාංකික සිසුන් , ඉන් අනතුරුව ජපානයේ නොමිලේ පැවැත්වෙන අවුරුදු 05 ක පාඨමාලාව සදහා යොමු කිරීමට නියමිතය .
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
එතෙර රැකියාවලට පුහුණු කරන්න ජපානයෙන් එයි
Sunil Sushadri Sunday, 06 March 2022 03:10 PM
ජපානෙත් ඉවරයි කියන තමයි කියන්න තියෙන්නේ... එච්චරයි රටකට තිබුණේ කරදරයක් නැතිව කීයක් හරි හම්බකරන් එන එකත් විනාසයි.
දරපාන් Sunday, 06 March 2022 07:07 PM
ජපානේ ගිහින් වැඩක් නෑ බං. එහෙ වියදම වැඩියි. හොයන සල්ලි කන්නම ඉවරයි.