IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


එතෙරින් ගෙනා භාණ්ඩ සොරා ගත් තුනක් මාට්ටු

(ටී.කේ.ජී.කපිල)

විදේශීය රටකින් මෙරටට ගෙන්වන ලද රුපියල් එක් කෝටි විසි ලක්ෂයකට අධික වටිනාකමකින් යුතු  භාණ්ඩ තොගයක් , කටුනායක ගුවන් තොටුපළෙන් නිදහස් කර ගෙන යමින් සිටියදී  ගිනි අවි පෙන්වා එම ව්‍යාපාරිකයා සමග පැහැර ගෙන ගිය තිදෙනකු සමග එම භාණ්ඩ  අත්අඩංගුවට ගත් බව කටුනායක පොලිසිය කියයි.

අලෙවි කිරීමේ ව්‍යාපාරයක නිරත කොළඹ , ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ පදිංචි ව්‍යාපාරිකයකු ගෙන් වූ මෙම භාණ්ඩ තොගයක ඉකුත් 2022 වසරේ දෙසැම්බර් 21 දින රාත්‍රී 07.30 ට පමණ කටුනායකින් මුදාගෙන වෑන් රථයකින් රැගෙන යද්දී කටුනායක 18 කණුව ප්‍රදේශයේ දී ,  වෑන් රථයකින් සහ යතුරු පැදියකින් පැමිණි සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයන් පිරිසක්  ගිනි අවි පෙන්වා බිය කර පැහැර ගෙන ගොස් තිබුණි .

මෙහිදී මෙම ව්‍යාපාරිකයාගේ සහායිකාවක ලෙස කටයුතු කළ ව්‍යාපාරික කාන්තාව මෙම මංකොල්ලකෑම සැළසුම් කර මෙහෙයවා ඇති බව කටුනායක පොලීසිය පසුව අනාවරණය කර ගෙන තිබේ .

ඒ අනුව මංකොල්ලකෑම සැළසුම් කළ කාන්තාව ඇතුළු සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයන් දෙදෙනකු ද කටුනායක පොලීසිය අත් අඩංගුවට ගෙන තිබේ .

 



අදහස් (0)

එතෙරින් ගෙනා භාණ්ඩ සොරා ගත් තුනක් මාට්ටු

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 570 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 283 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1084 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site