IMG-LOGO

2025 සැප්තැම්බර් මස 10 වන බදාදා


‘‘එජාපය හා සන්ධාන ගත පක්ෂ අතර අර්බුදයක් ඇතැයි මවාපෑමේ උත්සාහයක්‘‘

(නිමල කොඩිතුවක්කු)

එළැඹෙන ජනාධිපතිවරණය සඳහා තෝරා ගනු ලබන අපේක්ෂකයා සම්බන්ධව එක්සත් ජාතික පක්ෂය තුළ හා ඒ සමඟ සන්ධාන ගතවන පක්ෂ සහ සංවිධාන තුළ අර්බුදයක් ඇතැයි මවා පෑමට යම් යම් පාර්ශ්වයන් සංවිධානාත්මක ව්‍යාපාරයක් දියත් කර ඇතැයි එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

පුළුල් සන්ධානයකින් එක්සත් ජාතික පක්ෂ සාමාජිකයකු ඉදිරි ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් කරන බවත් පැවසූ මහලේකම්වරයා ඒ සඳහා පක්ෂය තුළ කිසිඳු අර්බුදයක් පැන නැගී නැතැයිද සඳහන් කරයි.

එම නිවේදනයේ තවදුරටත් මෙසේද දැක්වේ.

         ‘‘එක්සත් ජාතික පක්ෂය ඉදිරි ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වනුයේ පුළුල් සන්ධානයකිනි. ඒ සන්ධානය පිහිටුවීම පිළිබඳව දැන් අවසන් එකඟතාවන්ට එළැඹි හමාරය.

ඒ එකඟතාවන්ට අනුව අපේක්ෂකයා ඉදිරිපත් කරනුයේ එක්සත් ජාතික පක්ෂයෙනි.

මේ පදනම මත එක්සත් ජාතික පක්ෂය මගින් සුදුසු අපේක්ෂකයා තෝරා පත් කර ගැනීමට කටයුතු කෙරෙනු ඇත.

ප‍්‍රජාතන්ත‍්‍රවාදී සම්මතයන් හා සම්ප‍්‍රදායන් ආරක්ෂා  කර ගනිමින්, පක්ෂයේ ව්‍යවස්ථාවට අනුව අපේක්ෂකයා තෝරා ගන්නා බවත් ඒ තෝරා ගැනීමෙන් පසු  සන්ධානයට අයත් සියළු පාර්ශ්වයන්ගේත්, අපේ ප‍්‍රතිපත්ති හා එක් විය හැකි අනෙක් සියළු සංවිධාන සහ පුද්ගලයන්ගෙත් සහය ඇතිව අපේ අපේක්ෂකයා ජයග‍්‍රහණය කරවීම සඳහා එක්සත් ජාතික පක්ෂේයේ සියළු දෙනා පරිපූර්ණ ලෙස කැපවී කටයුතු කරන බවත් අවධාරණය කරනු කැමැත්තෙමි’’ යැයිද එහි වැඩිදුරටත් සඳහන් වේ.

 



අදහස් (3)

‘‘එජාපය හා සන්ධාන ගත පක්ෂ අතර අර්බුදයක් ඇතැයි මවාපෑමේ උත්සාහයක්‘‘

Gamarala Tuesday, 17 September 2019 01:10 PM

සංධානය පුළුල් වෙලා නැතිනිසා වෙන්න ඇති අපේක්ෂකයා හොයාගන්න බැරි වෙලා තියෙන්නේ...

:       0       0

Ranil Friday, 20 September 2019 12:38 PM

ඇත්ත ඇත්ත අකිල ඇමතිතුමා, කිසිම අර්බුදයක් නෑ, කුණුහරුපෙන් බැනගන්නවයි දත් හැලෙන්න ගුටි ගහගන්නවයි විතරයි!

:       1       0

anura Wednesday, 25 September 2019 07:41 AM

ඇත්ත කථාව. මේ රඟපෑම කරන්නේ මාධ්‍යවත්, ජනතාවත් නොවෙයි, ඔය ගොල්ලොම තමයි. සමහර විට වැට උඩ සිටින ඡන්ද කඩා ගැනීමට කරන උප්පර වැට්ටියක් වෙන්න පුළුවන්. සමහර ඡන්ද දායකයන් හදිසියේ ඇතිවන දුකට, අනුකම්පාවට තමන්ගේ වටිනා ඡන්දය පූජා කරලා පස්සේ පසුතැවිලි වෙනවා. එවන්නන් බිලී බාගන්න කරන දෙයක් ලෙසටයි පේන්නේ...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 671 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 17780 10
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 747 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site