IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


එජාපය සීමා නිර්ණ කමිටුවට යෝජනා බාර දෙයි

(අංජුල මහික වීරරත්න)

පාර්ලිමේන්තු පළාත් සභා සහ පළාත් පාලන ආයතන සියල්ල වෙනුවෙන් මන්ත්‍රීවරුන් තෝරා පත් කර ගැනීම කලාප ක්‍රමය මත පදනම්ව කරන ලෙස එක්සත් ජාතික පක්ෂය ජාතික සීමානීර්ණ කමිටුව වෙත යෝජනාවක් බාරදී ඇත.

පළාත් පාලන ආයතන සීමා නිර්ණය කිරීම ගැටළු සහගත බවට දේශපාලන පක්ෂ විසින් ජාතික සීමා නිර්ණ කමිටුව වෙත විරෝධයක් පළ කර ඇති බැවින් එක්සත් ජාතික පක්ෂය මෙම යෝජනාවලිය බාරදී ඇත. 

ජාතික සීමා නිර්ණ කමිටු නියෝජිතයන් හා එක්සත් ජාතික පක්ෂ නියෝජිතයන් මුණ ගැසුණු අවස්ථාවේ දී මෙම යෝජනාවලිය බාරදී තිබේ.

එක්සත් ජාතික පක්ෂ මහලේකම් පාලිත රංගේ බණ්ඩාර, ජනාධිපති නීතිඥ නිශ්ශංක  නානයක්කාර මහත්වරුන් ඇතුළු කණ්ඩායමක් ජාතික සීමා නිර්ණ කමිටු සභාපති මහින්ද දේශප්‍රිය මහතා මුණ ගැසී මෙම යෝජනාවලිය බාරදී ඇත.

එහිදී පවතින සීමා නිර්ණය අනුව විශාල ප්‍රදේශ ඇතුලත් පලාත් පාලන ආයතන සඳහා සභිකයන් පත්වීමේ අසමමිතික තත්ත්වයක් පවතින බව පුත්තලම, කුරුණෑගල ඇතුළු දිස්ත්‍රික්ක හයක් උදාහරණ ලෙස ගනිමින් එක්සත් ජාතික පක්ෂය  පෙන්වා දී තිබේ. 

එසේ නම් විශාල ප්‍රදේශයක් ඇතුළත් පළාත් පාලන ආයතන දෙකඩ කොට පළාත් පාලන ආයතන දෙකක් පිහිටුවන ලෙස ද එජාපය  යෝජනා කර ඇත.

කොට්ඨාශ ක්‍රමයේ ගැටළු පවතින්නේ නම් සමානුපාතික ක්‍රමයට පළාත් පාලන මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් ද එක්සත් ජාතික පක්ෂයට ගැටළුවක් නැති බව එම යෝජනාවලියෙන් එජාපය පෙන්වා දී ඇත. 

එසේම පළාත් පළාන සතික ධූර කිසි ලෙසකින්වත් 5000 සීමාව ඉක්මවා නොයා යුතු බවද ඔවුන් දැනුම් දී තිබේ.

එක්සත් ජාතික පක්ෂ යෝජනාව අගය කර ඇති සීමා නිර්ණ කමිටු සභාපති මහින්ද දේශප්‍රිය මහතා එම යෝජනාද පාර්ලිමේන්තු කමිටුව වෙත යොමු කරන බව දැනුම් දී ඇත.



අදහස් (0)

එජාපය සීමා නිර්ණ කමිටුවට යෝජනා බාර දෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 570 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 283 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1084 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site