IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


එජාපය වැටුණේ ජනසවිය නිසා

 

(අංජුල මහික වීරරත්න)

රටෙි ඩ්‍රයිවින් සීට් එකේ ඉන්නේ රනිල් වික්‍රමසිංහ බැවින් කිසිම කෙනකුට අසාධාරණයක්  වන්නට ඉඩ නොදෙන බව එක්සත් ජාතික පක්ෂ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා පැවසීය.

රජයේ අස්වැසුම සහනාධාරය සඳහා සුදුසුකම් ලැබූ සියලුම දෙනාට අදාල සහන හිමිවෙන බව කී අබේවර්ධන මහතා ඇතැමුන් අස්වැසුම ගැන වැරදි ප්‍රචාර සමාජගත කර තිබෙන බව කීය.

එක්සත් ජාතික පක්ෂයේ කරන්දෙනිය හා අම්බලන්ගොඩ බල මණ්ඩල රැස්වීම් අමතමින් වජිර අබේවර්ධන මහතා මේ බව කීය.

එක්සත් ජාතික පක්ෂය වැටුනේ ජනසවිය වැඩසටහන නිසා බව කී වජිර අබේවර්ධන මහතා ජනසවිය නොලැබුණු පිරිස් එක්සත් ජාතික පක්ෂයට වෛර කළ බව ද ඊළඟ මැතිවරණයේදී ඔවුන් එක්සත් ජාතික පක්ෂය පරාජයට පත්කළ බවද සඳහන් කළේය.

දුප්පතාගෙ හිතවතා විය යුත්තේ පොහොසතෙක් බවද දුප්පත් අයට ඉදිරියට යන්නට හැකියාව ලැබෙන්නේ එසේ වුවහොත් පමණක් බවද වජිර අබේවර්ධන මහතා සඳහන් කළේය.

 



අදහස් (6)

එජාපය වැටුණේ ජනසවිය නිසා

අබරං සීයා Sunday, 25 June 2023 04:57 PM

අස්වැසුම තේරීම නම් හරි අගෙයි මොකද සමහරක් රජයේ විශ්‍රාම ගත්තු අයටත් දීලා මහාපරිමාණයෙන් උපකාරක පංති කරන අයටත් දීලා තේ හා රබර් වලින් මාසෙකට ලක්ෂයක් ඉක්මවා ආදායම් ගන්න අයටත් රජයේ රැකියාවක් කරන පුතෙක් සමග සිටින තේවලින් ආදායම් තියෙන අයෙකුට දීලා ෆාමසි හිමියන්ගේ බිරිදට දීලා තවත් ත්‍රීවීලර් කුලියට දීමෙන් හා මුදල් පොලියට දීම කකරමින් නිවසේ සිටින කෙනෙකුටත් තවත් නිවසක් අඹුසැමි දෙදෙනාම රැකියා කරන පවුලකටත් තව තැනක ගරාජයක් කරන ඔහුගේ දරුවො ඉංජිනේරු ලෙසට සිටින අයෙකුට දීලා මේවා අපරාධ කියලා කියන්න පුළුවන් නමුත් අපිට විරෝධතා දෙන්න බැහැ රටේ සංවර්ධනය ඔහොම තමයි ඇත්තෝ කතිබොති නැත්තෝ සුසුම් ලති

:       0       2

Lakmal Bandara Sunday, 25 June 2023 05:12 PM

මේ කොල්ලා මරු කියවනවා .මුට තියෙන්නේ හීන මානේ .මූ හිතන්නේ මූ කියන දේ පිළිගන්න රටේ ඔක්කොම හරක් කියලා.චන්ද 15 ක් ගන්න බැරි උනා හිඟන්නා

:       0       2

Demuni Uduwara Monday, 26 June 2023 04:13 AM

වජිර, ඔබ පොහොසත් වූයේ කෙසේද?

:       0       3

ධර්මසේන ඒකනායක Monday, 26 June 2023 07:04 AM

සභාපතිතුමා ඔබතුමා කියන්නෙ එජාපය වැටුනේ ජනසවිය නිසා කියලා ඒක ඇත්ත කියමුකෝ නමුත් දැන් මට කියන්න පුළුවන් එජාපය නැත්තටම නැතිවෙන්නෙ අස්වැසුම නිසා කියලා ඒකට හේතුව තමයි මම දැක්කා සමහර ප්‍රදේශවල ආදායම් බදු සීමාව ඉක්මවා ආදායම් ලබන නමුත් පදිංචි ප්‍රදේශයෙන් බැහැර තේ,රබර් වතුවලින් මාසිකව රුපියල් ලක්ෂයක් ඉක්මවා සිටින අයටත් අස්වැසුම අනුමත කරල තියෙනවා තවත් කෙනෙක් දරුවො හොද පාසලකට යැවීමට පාසල ආසන්න කුඩා ගෙයක් ලක්ෂ පනහකට පමණ මිලට ගෙන පදිංචි වෙලා අඹුසැමි දෙදෙනා රැකියා කරන්න යනවා ඔවුන්ට දීලා තියෙනවා රජයේ රැකියා කරන පුතෙක් සමග සිටින ඉඩම් ආදායම් ඇති කාන්තාවක් සදහා අනුමත කරල තියෙනවා තවත් පුද්ගලයෙක් ගරාජයක් කර ආදායම් උපයද්දී අවිවාහක පුතෙක් ඉංජිනේරු අනෙක් පුතා වාහන සම්බන්ධ ආයතනය රැකියා කරනවා රජයේ විශ්‍රාම වැටුප් ලබන කෙනෙකුට දීලා තියෙද්දී මහා පරිමාණයේ උපකාරක පංති කරන කෙනෙකුට අනුමත වෙලා තියෙනවා ඔවුන් ඔක්කොමලා පොහොට්ටු ප්‍රබලයින්ම තමයි මෙහෙම බැලුවම තේරීමේ අනන්ත දූෂණ කරල තියෙන්නෙ පොහොට්ටු හිතවතුන් කියලා කියන්න පුළුවන් මහත්තයෝ මෙහෙම කලොත් ඔහේ එජාපයේ අවසන් සභාපති වෙන්න පුළුවන් කියලා මතක තබාගන්න

:       0       4

Lalla Monday, 26 June 2023 08:34 AM

දුප්පතා කියන්නේ නිකම්ම ඉන්න අයට. ඇඟ හොල්ලලා කුලී වැඩ කලත් දවසට පඩිය 3000/=. අනික මොකක් හෝ වෘත්තීය පුහුණුව නොලද අය. ඒකට වගකියන්න ඕන තමන්ම මිසක්. රටේ වැඩ කරන ජනතාව නොවේ. පිනට කන්න දෙන තාක් රටක් ඉදිරියට යන්න බෑ. ඒත් බෝකිරීම අඩු වෙන්නේ නම් නෑ. ස්මාට් පෝන් ගන්නත් සල්ලි තියනව....

:       0       4

Rata Perata Monday, 26 June 2023 11:59 AM

වජිරගැන ලියන අයට මොනවත් ලබෙනවද? නැත්නම් මෙ වගෙ පිස්සු කතා ජතික වැදගත් කමක් වෙන්නෙ කොහොමද?

:       1       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 514 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 264 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1060 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site