IMG-LOGO

2025 සැප්තැම්බර් මස 06 වන සෙනසුරාදා


‘එජාපයේ තරුණ දේශපාලඥයන්ගේ කීර්තිනාමයට හානි කරන හස්තයක් ගෙනයනවා’

(නිමල කොඩිතුවක්කු)      
  
එක්සත් ජාතික පක්ෂයේ දක්ෂ තරුණ දේශපාලඥයින්ගේ කීර්තිනාමයට හානි කරන දේශපාලන හස්තයක් ක‍්‍රියාත්මක බව  එක්සත් ජාතික පක්ෂයේ මාධ්‍ය ප‍්‍රකාශක විදුලි සංදේශ  ඩිජිටල් යටිතල පහසුකම් සහ විදේශ රැකියා අමාත්‍ය හරීන් ප‍්‍රනාන්දු මහතා අද (19)  පැවසීය.

පක්ෂයක් ලෙස ඉදිරියේ දී මේ සම්බන්ධයෙන් දැඩි පියවර ගැනීමට කටයුතු කරන බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.

පිටකෝට්ටේ පිහිටි සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේදි අද (19) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව පැවසීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය හරීන් ප‍්‍රනාන්දු මහතා මෙසේද කීවේය.

 ‘‘ෆේස්බුක් ඇතුලූ සමාජ මාධ්‍යවල මේ දිනවල ප‍්‍රධාන ප‍්‍රවෘත්තිය බවට පත්ව තිබෙන්නේ සුජිව සේනසිංහ මහතා  සම්බන්ධ ප‍්‍රවෘත්තියයි. අපෙනුත් මේ ගැන  යම් යම් අය අහනවා. මම දන්න සුජීව සේනසිංහනම් මේ වගේ මෝඩයෙක් නෙමෙයි කියලා මම නම් ඒ අයට කිව්වා.

මේ වගේ ලොකු ආයෝජනයක් ගේනවිට  ඒ ආයෝජකයන් තානාපති කාර්යාලය සම්බන්ධ කරගන්නවා.  ඒ නිසා මේ චෝදනා නගපු සමාගම ගැන හොයන්න කියලා අපි ඉතාලි තානාපති කාර්යාලයට ලියනවා.
මේ චෝදනාව නගන සමාගම යූරෝ බිලියන 05ක ආයෝජනයක් ගේනවලූ. එහෙම ආයෝජනයක් ගේන සමාගමේ කාර්යාලයට වඩා  මගේ බදුල්ලේ මැතිවරණ කාර්යාලය ලොකුයි. මේක පට්ටපල් බොරුවක් කියලා  ඕනම අයෙකුට තේරෙනවා.

මේක එතුමන්ට එරෙහිව හිතා මතා ගහන මඩ ප‍්‍රචාරයක් කියලා පැහැදිලි වෙනවා. මේක  කතා කරන්න තරම්වත් දෙයක් නෙමෙයි. නමුත්  සේනසිංහ  මහතා  කිව්වා වගේ මේක මානසික වදයක්. තමනගේ දෙමව්පියන්ට,  තමන්ගේ නමට මේකෙන් විශාල කැළලක් වනවා.

ඡායාරූප - ගයාන් අමරසේකර


 



අදහස් (0)

‘එජාපයේ තරුණ දේශපාලඥයන්ගේ කීර්තිනාමයට හානි කරන හස්තයක් ගෙනයනවා’

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 427 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 16829 8
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 652 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site